April 28, 2024

ගෝඨාට චීනයට යන්න අවසර

ඔක්තෝබර් 05වැනි දා සිට 30 වැනි දා දක්වා චීනයේ සංචාරයකට යෑම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (3) අවසර ලබා දුන්නේය.

චීනයේ ආරක්ෂක සම්මන්ත්‍රණයකට සහභාගී වීමට ලැබුණු ආරාධනාවකට එහි යාමට අපේක්ෂා කරන බැවින් ගුවන්ගමන් බලපත්‍රය නිදහස් කරන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

විදෙස් ගමන් බලපත්‍රය තාවකාලිකව මුදා හළ මහේස්ත්‍රාත්වරයා ගෝඨාභය රාජපක්ෂ මහතාට රුපියල් පනස් ලක්ෂයක අමතර පෞද්ගලික ඇපයක් ද නියම කළේය.

Rate this item
(0 votes)