April 28, 2024

ගෝඨාගේ නඩුවට මහින්ද අධිකරණයට 

September 30, 2016

ඇවන්ගාර්ඩ් මැරිටයිම් සර්විසස් ආයතනයේ අවි ගබඩාවක් පවත්වාගෙන යාමට ඉඩ හැරීම මගින් රජයට රුපියල් බිලියන 11.4 ක මුදලක පාඩුවක් සිදු කළැයි අල්ලස් කොමිසමෙන් පවරා ඇති නඩුවකට පෙනී සිටීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු හත්දෙනෙක් අද(30) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණියහ.

ඔවුන්ට අද අධිකරණයේ පෙනී සිටින ලෙස මීට පෙර නොතීසි නිකුත් කර තිබිණි.

නොතිසි නිකුත් කෙරුණු ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සුජාතා දමයන්ති ජයරත්න මහත්මිය අධිකරණ භූමියට මෙතෙක් පැමිණ නැතැයි වාර්තාවේ.

මේ අතර මේ වනවිට අධිකරණ භූමියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද පැමිණ සිටින බව අප වාර්තාකරු සඳහන් කළේය.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 30 September 2016 17:32