May 02, 2024

මෛත්‍රී එන ශ්‍රීලනිප මැයි රැළියට මහින්දටත් ආරාධනා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැළියට සහභාගී වන්නැයි හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියට හා මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කර ඇතැයි එම පක්ෂය සඳහන් කරයි.

මෙවර ශ්‍රීලනිප මැයි රැළිය ශ්‍රීලනිප නායක, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර නගරයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති අතර ඒ සඳහා පාක්ෂිකයින් 120,000 වැඩි පිරිසක් සහභාගී වීමට සූදානම් බව වාර්තා වෙයි.

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළිය ගාලුමුවදොර පිටියේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවත් ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිතය.

Rate this item
(2 votes)

Related items