May 03, 2024

'මගේ දුරකතනය ටැප් කරලා' - මහින්ද හෙළි කරයි

September 30, 2016

තමාගේ දුරකතනය ටැප් කර ඇති බවත් ඒ අනුව තමාගේ දුරකථනයට  රහසේම සවන් දෙන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ ඇවන්ගාර්ඩ් ආයතනයේ අවි ගබඩාවක් පවත්වාගෙන යාමට ඉඩ හැරීම මගින් රජයට රුපියල් බිලියන 11.4ක පාඩුවක් සිදු කළැයි අල්ලස් කොමිසමෙන් පවරා ඇති නඩුවකට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පෙනී සිටි අවස්ථාවට සහභාගී වීමට පැමිණීමෙන් පසු අධිකරණ අසළ දී මාධ්‍යවේදීන් හමුවේ ඔහු මේ බව කියා සිටියේය.

තමා කියන්න තියෙන දේ කියන බවත් තමාට ඕනෑම අයෙකු සමග කතා කළ හැකි බවත් හෙතෙම සඳහන් කළේය.

ඇතැම් අමාත්‍යවරුන්ගෙන් තමන් කතා කළේද යන්න විමසා ඇති බවත් ඉතා පහසුවෙන් දුරකතන ටැප් කර ඇති බවත් මහින්ද රාජපක්ෂ මහතා පැවසී ය.

 

Rate this item
(1 Vote)
Last modified on Sunday, 02 October 2016 02:27

Related items