April 28, 2024

ගෝඨාභයට - හිටපු නාවික හමුදාපතිවරු තිදෙනෙකු ඇතුළු 08කට නොතීසි

September 01, 2016

ඇවන්ගාඩ් මැරිටයිම් සමාගම සමග එකතුවී රජයට රුපියල් කෝටි 1140ක පාඩුවක් සිදුකළැයි සැකපිට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම්වරියක හා ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු 08දෙනකුට ලබන 30 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (01) නොතීසි නිකුත් කළේය.

2012 අගෝස්තු 07වැනි දා හා 2015 ජනවාරි අට වැනි දා අතර කාලයේ මෙම පාඩුව සිදු කර ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අධිකරණයට දැන්වීය.

ගෝඨාභය රාජපක්ෂ, සුජාතා දමයන්ති ජයරත්න, රක්නා ලංකා සමාගමේ හමුදා සම්බන්ධීකරණ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත පියසිරි ප්‍රනාන්දු, කරුණාරත්න බී.ඒ.ගොඩකවෙල, සෝමතිලක දිසානායක, නිශ්ශංක යාපා සේනාධිපති, ජයනාත් කොළඹගේ සහ ජයරත්න පෙරේරා මෙම නඩුවේ සැකකරුවෝ ලෙස නම් කර ඇත.

එම පිරිස අතර හිටපු නාවික හමුදාපතිවරු තිදෙනෙක් ද වෙති.

Rate this item
(0 votes)
Last modified on Thursday, 01 September 2016 10:42