May 17, 2024

ගෝඨා මහානායක හිමිවරු බැහැදකියි

February 03, 2016

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (03) ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව වෙත ගොස් මල්වතු හා අස්ගිරි මහා නායක හිමිවරුන් බැහැදැකීමට ද සහභාගී විය.

පදනමක් නැති චෝදනා නොකර යෝෂිත, නාමල් හා තමන් ගැන ක්‍රමානුකූලව පරික්ෂණ කරන්නැයි ද තමාට වතු, ගෙවල්, රෝහල්, කොම්පැනි හා බැංකු ගිණුම් ඇතැයි කියනවාට වඩා ඒ ගැන සෙවීමට පොලිස් නිලධරයකු පත් කළහොත් ඔහුට පරීක්ෂණ සඳහා ලිපියක් අවශ්‍ය නම් එය දෙන්නට වුවත් සූදානම් යැයි ද එම අවස්ථාවේ මාධ්‍ය අමතමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා පැවසීය.

සරත් ෆොන්සේකා මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීකමක් ද ඇමැතිකමක්ද දීමට යන නමුත් ඔහු ඡන්දයේදී ජනතාව ප්‍රතික්ෂේප කළ පුද්ගලයෙකු බවයි රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසූවේ.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 03 February 2016 20:17