May 17, 2024

'රටේ තියෙන්නේ ඒකාධිපති පාලනයක්' - ගෝඨා

යහපාලනය වෙනුවට රට තුළ ක්‍රියාත්මක වන්නේ නීතියක් විනයක් නොමැති ඒකාධිපති පාලනයක් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා තිබේ.

ඔහු පෙන්වා දෙන්නේ යුද්ධය අවසන් කර සාමය දිනාදුන් නායකයාගේ දරුවන් අත්අඩංගුවට ගෙන පළිගැනීම් සිදුකිරීම මෙරට ජනතාව කිසිසේත් අනුමත නොකරන බවයි.

කඩුවෙල අධිකරණ භූමියේ දී ඊයේ පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය.

Rate this item
(0 votes)