May 17, 2024

ගෝඨා අදත් ජනපති කොමිසමට

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිනයේ ද බරපතල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසම වෙත පැමිණියේ ය.

රක්නා ලංකා සමාගමේ සිදු වූ බව කියන අක්‍රමිකතා පිළිබඳ සිදු කෙරෙන විමර්ශනයට අදාළ සාක්ෂි විමසීමට සහභාගි වීමටයි ඒ මහතා කොමිසම වෙත පැමිණ ඇත්තේ.

අද පෙරවරු 9.00ට පමණ සාක්ෂි විමසීම ආරම්භ වී තිබෙන අතර නාවික හමුදා නිළධාරීන් සිවුදෙනෙකු ද සාක්ෂි ලබා දීම සඳහා පැමිණ ඇති බව වාර්තා වේ.

Rate this item
(0 votes)