May 17, 2024

ගෝඨාට එරෙහි පොලිස් පැමිණිල්ලක්

November 11, 2015

අත්අඩංගුවට ගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් මහතා හට ලංකාවේ ජීවත් වීම සඳහාත් දේශපාලන කටයුතු වල නියැලීම සඳහාත් ඇති අයිතිය සුරක්ෂිත කරන ලෙස ඉල්ලා පවත්වනු ලබන උද්ඝෝෂණයක් අද දින (11) දවල් 12ට කෑගල්ල නගරයේ දී පැවැත්වෙන බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය පවසයි.

එමෙන්ම 2012 වසරේදී කුමාර් ගුණරත්නම් මහතා පැහැර ගැනීමට තමන් සම්බන්ධ බවට හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ කළ ප්‍රකාශය පිළිබඳව විමර්ශනයක් ඉල්ලා පොලිස් පැමිණිල්ලක් භාර දීම අද පස්වරු 1ට පොලිස් මූලස්ථානයේදී සිදු කෙරෙන බව ද එම මාධ්‍ය නිවේදනයේ දැක්වේ.

Rate this item
(0 votes)