May 17, 2024

'බොරු සාක්කි දුන්නේ අසීමිත ආදරය නිසයි' - විශ්‍රාමික මේජර් ජනරාල් ගාමිණී ජයසුන්දර

September 05, 2015

බරපතල දූෂණ හා අක්‍රමිකතා සොයා බැලීමේ ජනාධිපති කොමිසම ඉදිරියේ බොරු සාක්කි ලබා දීම හා කොමිසම අපකීර්තියට පත් කිරීමට එරෙහිව නීති මගින් කටයුතු නොකර සිටීමට සාධාරණ හේතු ඇතොත් ලබන 17 වැනි දා කරුණු දක්වන්නැයි එම කොමිසම අද (04)  ආරක්ෂක අමාත්‍යංශයේ ද සහායෙන් පිහිටවූ රක්නා ආරක්ෂක ලංකා සමාගමේ සාමාන්‍යාධිකාරීවරයකු වන විශ්‍රාමික මේජර් ජනරාල් ගාමිණී ජයසුන්දරට  නියෝග කළේය.

කොළඹ බණ්ඩාරනායක පරිශ්‍රයේ පැවැත්වෙන නඩු විභාගයේ දී තමා බොරු සාක්කි ලබා දුන් බව රජයේ නීතීඥවරුන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ ජයසුන්දර පිළි ගත්තේය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට තමාගේ අසීමිත ආදරයක් හා ගෞරවයක් ඇති බවත්, ඔහු අමාරුවේ වැටෙන බව සිතා තමා බොරු සාක්කි දුන් බවත් ඔහු කීවේය.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කැරුණු මේ කොමිසමේ සාමාජිකයෝ පස් දෙනෙක් වෙති.

මහාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීදි පද්මන් සූරසේන (සභාපති), විකුම් කළුආරච්චි, අමේන්ද්‍ර සෙනෙවිරත්න, ගිහාන් කුලතුංග සහ විශ්‍රාමික විගණකාධිපති පී ඒ පද්මතිලක ඔවුහුය.

(ලංකාදීප)

Rate this item
(0 votes)
Last modified on Saturday, 05 September 2015 09:44