May 03, 2024

පලස්තීන - ඊශ්‍රායල යුද්ධය ගැන ලිපි, කමෙන්ට්, වෛරීය ප්‍රකාශ දාන අය හොයන්න Facebook වැඩට බසී

ලෝකයම උණුසුම් කර ඇති පලස්තීන - ඊශ්‍රායල යුද ගැටුම් පිළිබඳව සිය සමාජ මාධ්‍ය තුළ පළවෙන පුවත්, ලිපි, කමෙන්ට් සහ සියලු ප්‍රකාශයන් සම්බන්ධයෙන් සෙවීමට ෆේස්බුක් ආයතනය විසින් පැය 24 පුරා දින 07ම ක්‍රියාත්මක වෙන විශේෂ මෙහෙයුම් මධ්‍යස්ථානයක් නිර්මාණය කළ බවට ෆේස්බුක් ආයතන විසින් ඊයේ (19) දිනයේ දී ප්‍රකාශ කළේය.

මෙම දැඩි ගැටුම් හමුවේ සිය සමාජ තුළ පළවෙන අසත්‍ය තොරතුරු, වෛරීය ප්‍රකාශනයන්, ගැටුම් සහ ප්‍රචණ්ඩත්වය ඉහළ දැමීමේ ප්‍රකාශනයන් ඇතුළු එවැනි තොරතුරු පළ කරන්නන් සොයා මෙම මෙහෙයුම් මධ්‍යස්ථානය කටයුතු කරනු ඇති බව සඳහන් වෙයි.

එහිදී ෆේස්බුක් හී ප්‍රජා සම්මුතීන්ට අනුකූල නොවන්නන් හා ඒවා කඩ කරන්නන්ගේ ලිපි ඉවත් කිරීමට හෝ ඔවුන්ගේ ගිනුම් අත්හිටු වීමට මෙහිදී කටයුතු කරනු ඇති බව ෆේස්බුක් හී අන්තර්ගතයන් පිළිබඳ ප්‍රතිපත්තියේ උප සභාපති මොනිකා බිකර්ට්  විසින් මාධ්‍ය වෙත පවසා තිබේ.

ඔවුන් පෙන්වා දෙන්නේ මීට පෙරත් මෙවැනි මෙහෙයුම් මධ්‍යස්ථානයන් පිහිටුවා ගෝලීය මැතිවරණයන් සම්බන්ධයෙන් පළවෙන ලිපි ඇතුළු අනිකුත් දේවල් පිළිබඳව අධික්ෂණයක් කර ඇති බවයි.

ෆේස්බුක් ප්‍රකාශක ඇන්ඩි ස්ටෝන් රොයිටර් පුවත් සේවයට පැවසුවේ ෆේස්බුක් හි ගෝලීය කටයුතු පිළිබඳ ප්‍රධානී නික් ක්ලෙග් සහ අනෙකුත් විධායකයින් අඟහරුවාදා පලස්තීන අග්‍රාමාත්‍ය මොහොමඩ් ෂටෙයි සමඟ කතා කළ බවයි. එමෙන්ම ෆේස්බුක් විධායක නිලධාරීන් මීට පෙර ඊශ‍්‍රායල ආරක්ෂක ඇමති බෙනී ගැන්ට්ස් සමඟ සූම් හරහා හමුවූ බවද වාර්තා වෙයි.

එමෙන්ම පලස්තීනයේ ආශ්‍රිතව යුද්ධයෙන් විනාශ වූ දේවල් යැයි පවසමින් වැරැදි අන්තර්ගතයන් බොහෝමයක් සමාජ මාධ්‍ය තුළ සැරිසරා ඇති බවද වාර්තා වෙයි. 

එමෙන්ම පලස්තීනුවන්ට එරෙහිව Whatsapp (වට්ස්ඇප්) හරහා ක්‍රියාත්මක කරනු ලබන සංවිධානාත්මක ක්‍රියාකාරකම් පිළිබඳව සෙවීමටද තවත් මෙහෙයුම් කණ්ඩායමක් ෆේස්බුක් විසින් පත් කර ඇති බවද නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත ඊයේ (19) දිනයේ දී වාර්තා කර තිබුණි.

ෆේස්බුක් ආයතන විසින් හමාස් සංවිධානයට සිය සමාජ මාධ්‍ය වේදිකාව භාවිතය තහනම් කර ඇති අතර ඇමෙරිකාව, ඊශ්‍රායලය ඇතුළු යුරෝපා සංගමය විසින් ත්‍රස්තවාදීන් ලෙස සලකනු ලබන හමාස් සංවිධානයට සහාය පළ කරන අන්තර්ගතයන් සහිත ලිපි කමෙන්ට් වැනි දේවල් බොහෝමයක් ඉවත් කිරීමටත් කටයුතු කර තිබේ.

මෙවර සියලු භාෂාවල ප්‍රවීණයන් ඇතුළු තාක්ෂණික කණ්ඩායමක් මේ සඳහා යොදාගෙන ඇති අතර මීට පෙර විවිධ භාෂාවලින් පළවෙන වෛරීය ප්‍රකාශයන් සම්බන්ධයෙන් ෆේස්බුක් ආයතනයට චෝදනා එල්ල වී තිබුණි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 20 May 2021 11:17