May 09, 2024

හිරුණිකා සටහනක් තබා සමාජ මාධ්‍ය තුළින් ඉවත්වෙයි

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පසුගිය කාලයේ ලංකාවේම සුප්‍රසිද්ද චරිතයක් වුනා. දේශපාලන කරලියේ නැතිවම බැරි චරිතයක් ලෙස ටීවී රේඩියෝ වල හැමතැනකම පාහේ දකින්න ලැබුනා. ඒ වගේම සෝෂල් මිඩියා වල නිතරම හිරුණිකා මහත්මියගේ කතා අහන්න දකින්න ලැබුනා. කෙසේ නමුත් ඉකුත් 17 වෙනිදා ඇය තම ෆේස්බුක් ගිණුමේ “මානසික සෞඛ්‍යය වැදගත් ” යැයි සටහනක් තබා සියලුම සෝෂල් මිඩියා වලින් ඇය ඉවත් වී තිබෙනවා.

එම සටහන පහතින්,

“ආදරනීය මිතුරු මිතුරියනි,

පලමුව ඔබ සියලු දෙනාටම බොහොම ස්තූති මා සමඟ වසර ගනනාවක් මාගේ දූකේදී, සැපේදී රැදී සිටියාට. ඔබ සැමගේ ආදරය, ගෞරවය සහ සහයෝගය මාගේ දේශපාලන ජීවිතයටද, පෞද්ගලික ජීවිතයට ඉතා විශාල ලෙස ධනාත්මකව බලපෑවා. මා සමාජ මාධ්‍ය තුල අවුරුදු ගනනාවක් රැදී සිටියා. එහෙත් සමාජ මාධ්‍ය තුලින් ඉවත්වීමට දැන් කාලය පැමින ඇති බව මා විශ්වාස කරනවා. පසුගිය අවුරුද්දකට වැඩි කාලයක් තුල කොවිඩ් වසංගතයත් සමඟ අප සියලු දෙනාටම බොහෝ කාලයක් නිවසට වී සිටින්නට සිදු වුනා. ජීවන තරඟය මොහොතකට නැවැත්වීමට සිදුවුනා. මෙම කාලය තුල මම මා පිලිබඳව ස්වයං අධ්‍යනයක නිරත වුනා. එහිදී මා හට වැටහී ගියේ ජීවිතය කියන ‘රේස්’ එක තුල මා කෙතරම් හති වැටී ඇත්ද යන්නයි. එම නිසා මා මේ කාලය අවස්ථාවක් කර ගන්නවා විශේෂයෙන්ම මාගේ මානසික සෞඛ්‍ය වෙනුවෙන් කාලය යෙදවීමට. මෙසේ මා සෑම සමාජ මාධ්‍යකින්ම ඉවත්වන්නේ කෙතරම් කාලයකටද මා දන්නේ නෑ. එහෙත් මේ අවස්ථාවේදී මා ගතයුතු නිවැරදිම තිරණය මෙය බව මා විස්වාස කරනවා. නැවත හමුවීමට සුදුසු කාලයක ඔබ හමුවට මා එන්නම්…. ජීවිතය විඳවන්නේ නැතුව විඳින්න නම් මානසික සෞඛ්‍යය ඉතාම වැදගත්…

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර“

Rate this item
(5 votes)
Last modified on Thursday, 24 June 2021 22:17

Related items