May 19, 2024

මීයා කලීෆා ළඟ තියෙන ඊශ්‍රායලය රාජ්‍යයටත් වඩා පැරැණි දේ මෙන්න

වැඩිහිටියන්ට පමණක් සීමා වූ දර්ශනවලට පෙනී සිටි හිටපු නිළියක වන මීයා කලීෆා ට්විටර් සමාජ මාධ්‍ය ඔස්සේ ආන්දෝලනාත්මක ප්‍රකාශයන් කිරීම සම්බන්ධයෙන් යම් ප්‍රසිද්ධියක් උසුලයි.

මෙවර ඇය විසින් ඊශ්‍රායලයට විරුද්ධව සිය විරෝධය පෙන්වීම සඳහා තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර තිබේ.

එහිදි ඇය විසින් වයින් බෝතල් දෙකක් ළඟ තබාගෙන ෂැම්පේන් පානය කරන දර්ශනයක් සහිත ඡායාරූප දෙකක් ට්විටර් සමාජ මාධ්‍යයට එක් කර තිබුණි.

ඉන්පසුව ඇය සඳහන් කර තිබුණේ “ඔබලාගේ වර්ණභේදවාදී රටට වඩා මගේ වයින් බෝතල් පරණයි” යනුවෙනි.

එසේ පැවසූ ඇය ප්‍රංශයෙන් ලැබුණු 1943 වසරේ නිෂ්පාදිත චාල්ස් හෙඩ්සික් වර්ගයේ ෂැම්පේන් බෝතල් 02ක් උදාහරණයක් ලෙස පෙන්වා තිබුණි.

පලස්තීනය බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ නිදහස ලැබීමෙන් පසුව ඊශ්‍රායලය නිර්මාණය වීම ආරම්භ වුයේ 1947 සිටය.

ඇයගේ එම ප්‍රකාශයට ට්විටර් සමාජ මාධ්‍ය තුළ දැඩි චෝදනාවක් එල්ල විය. 

එම ට්විටර් පණිවිඩය පහතින්,

Rate this item
(11 votes)