May 18, 2024

සර්කස් සිංහයන් දෙදෙනා පුහුණුකරුව සපා කයි - සමාජ මාධ්‍ය කැළඹූ බිහිසුණු වීඩියෝව මෙන්න

රුසියාවේ නොවොස්බිර්ස්ක්හී මොෂ්කොවෝ ප්‍රදේශයේ පැවැත්වූ සර්කස් සංදර්ශනයක් අතර සිංහයන් දෙදෙනෙකු විසින් පුහුණකරුට පහර දී සපා කෑමට උත්සාහ කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සැරිසරමින් තිබේ.

වේගා සහ සැන්ටා නම් මෙම සිංහයන් දෙදෙනා විසින් ආවරණය කරන ලද සර්කස් වේදිකාවට අවතීර්ණය වූ පසුව එකිනෙකා සපාගන්න අතර ඉන්පසුව එම වේදිකාවට ඇතුළු වන පුහුණුකරුටද පහර දෙන ආකාරය එම වීඩියෝවේ සටහන්ව තිබුණි.

මෙලෙස මුලින්ම පහර දී තිබුණේ වේගා නම් සිංහයා විසින් වන අතර එම සත්ත්වයා පුහුණුකරුගේ පාදයක් දැඩිව සපා කෑමට ලක් කර ඇත.

මෙම සිදුවීම වන අවස්ථාවේ දී එහි රැස්ව සිටි පිරිස භීතියෙන් කෑගසා තිබුණු අතර තවත් පිරිසක් බියෙන් පලා ගොස් තිබේ. එම ස්ථානයේ සිටි ගර්භණී කාන්තාවක්ද ඇතිව තිබූ කම්පනය හේතුවෙන් රෝහල් ගත කර තිබේ.

සිංහයන් විසින් මෙලෙස පහර දී තිබුණේ ඕර්ලොව් ඔවුන්ගේ පුහුණුකරුවාට වන අතර දැඩි ලෙස තුවාල ලබා සිටි ඔහුව රෝහල් ගත කිරීමට සර්කස් කණ්ඩායමේ සාමාජිකයන් කටයුතු කර තිබුණි. ඕර්ලොව් ගලවා ගැනීම සඳහා සර්කස් කණ්ඩායමේ සියලු දෙනා එක්ව සිංහයන්ට පොලු ප්‍රහාර එල්ල කර පලවා ගැනීමට සමත් වුණු අතර පසුව සිංහයන් කූඩුවලට දමා වසා තිබේ.

එම බිිහිසුණු සිදුවීමේ වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)