May 18, 2024

අත්භූත ලෙස හැසිරුණු ගව රැලක් කාන්තාවකට පහර දෙයි - අවසන් මොහොතේ ගත්ත ඡායාරූපය මෙන්න

කාන්තාවක් විසින් ගව රංචුවකගේ ඡායාරූපයක් ලබා ගැනීමට ගිය අවස්ථාවක නොසිතූ අනතුරකට මුහුණදී බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

කාන්තාවක් විසින් එංගලන්තයේ ඩෝර්සෙට් හි සංචාරක ගම්මානයක් වන ටයින්හැම් හි පිහිටි ගොවිපොළක සංචාරයක නිරත වෙමින් සිටින අවස්ථාවේ ගව රංචුවක ඡායාරූපයක් ගැනීමට උත්සාහ කරන අවස්ථාවේ ගව රංචුව ඇය දෙස බිහිසුණු ආකාරයෙන් බලා සිටින ආකාරය දැක්වෙන ඡායාරූපයක් ද මෙම අනතුරින් පසුව මාධ්‍ය වාර්තා කර තිබුණි.

අනතුරට පත් කාන්තාව අවසන් වරට ලබාගත් ඡායාරූපය

සිද්ධිය ඇසින් දුටුවන් පවසා සිටියේ එක්වරම කෑගසන හඬක් ඇසුණු බවත්, ඔවුන් ඒ දෙසට දිව යන විට කාන්තාවක්ව ගව රංචුවක් වට කරගෙන සිටින ආකාරය දුටු බවත් ඉන්පසුව ගව රංචුව ඇයට පහර දීමට පටන් ගත් බවයි.

එම අවස්ථාවේ පුද්ගලයින් දෙදෙනෙකු මැදිහවත් කාන්තාව ගොවිපොළ මැද ගසා තිබූ වැටෙන් එහාට ඇද ගැනීමට සමත් වී තිබේ. නමුත් ඇය බරපතළ තුවාල ලබා සිටි බව සඳහන් වෙයි.

මෙලෙස අනතුරට පත් කාන්තාවගේ කොඳු ඇට පෙළේ අස්ථි 03ක්, ඉල ඇට 07ක් බිඳී තිබූ බවත් ඇසකටත් හානි වී ඇති බවත් සඳහන් වෙයි.

ගොවිපොළ භාරව කටයුතු කරන පුද්ගලයින් සැක පළකරන්නේ පැටවුන් ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම පහර දීම කරන්නට ඇති බවයි.

කාන්තාව රෝහල කරා ගෙන යෑමට හෙලිකොප්ටර් යානයක් ගොවිපොළ වෙත පැමිණි අවස්ථාවේද ගව රංචු කලහකාරී ලෙස හැසිරී ඇති අතර පසුව එය අසළ තිබූ වාහන නවත්වන ස්ථානයක් වෙත ගොඩ බස්වා තිබුණි.

අනතුරට පත් කාන්තාවට හදිසි වෛද්‍ය ප්‍රතිකාර නිලධාරිනියක් උපකාර කරමින්

ගව රංචුව හෙලිකොප්ටර් යානයට බාධා කරමින් සිටින ආකාරය

Rate this item
(1 Vote)