May 18, 2024

මොස්කව් නුවර දී ‘බැට්මෑන්ව (BATMAN)’ අත්අඩංගුවට ගනී - ඡායාරූප සහිතයි

February 02, 2021

ලෝක ප්‍රසිද්ධ චිත්‍රකතා චරිතයක් මෙන්ම චිත්‍රපට චරිතයක් වන බැට්මෑන් ලෙස සැරසුණු පුද්ගලයෙකුව මොස්කව් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ රුසියානු විපක්ෂ නායකවරයාව අත්අඩංගුවට ගැනීමට විරෝධය පා පැවැත්වෙන උද්ඝෝෂණය අතරතුර දීය.

මෙලෙස බැට්මෑන් ලෙස සැරසුණු පුද්ගලයාගේ සැබෑ අනන්‍යතාවය තවමත් හෙළිවී නොමැති අතර ඔහු විරෝධය පාමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

රුසියාවේ  පුරා කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මහජන රැස්වීම් පැවැත්වීමට තහනම් ද පනවා ඇති අවස්ථාවක දැවැන්ත පිරිසක් මොස්කව් නුවර උද්ඝෝෂණවල නිරත වෙමින් සිටින අතර 5,000කට අධික පිරිසක් අත්අඩංගුවට පත්ව තිබේ.

මොස්කව් නුවර පමණක් නොව මේ වන විට රටේ සියලුම නගරවල ඇලෙක්සෙයි නවාල්නි නිදහස් කර ගැනීම සඳහා මෙන්ම රුසියානු ජනාධිපතිවරයාට විරෝධය පාමින් උද්ඝෝෂණ පැවැත්වෙයි.

Rate this item
(0 votes)