April 26, 2024
Main

Main (651)

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රි බෙවන් පෙරේරා තමාව මරා දැමීමට අපරාධ කල්ලියකට කොන්ත්‍රාත්තුවක් ලබාදීම පිළිබඳව තමා විසින් පොලිසියට කරන ලද පැමිණිලි පසුගිය ආණ්ඩුව සමයේ යට ගසනු ලැබූ බව ලෝක ශූර මෝටර් රථ ධාවකයකු වන ඩිලන්ත මාලගමුව මහතා පවසයි.

ස්විස් තානාපති කාර්යාල සේවිකාවගේ ප්‍රශ්ණයේදී නම සඳහන් වුණේ බෙවන් පෙරේරාගේ පුත්‍රයාගේය.

කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු කියා සිටියේ තමා ඝාතනය කිරීම සඳහා ලබාදුන් ආයුධය භාවිතයෙන් මාතර ප්‍රදේශයේ ස්වර්ණාභරණ අලෙවිසලක් කොල්ලකා ඇති බවයි.

ඝාතන කොන්ත්‍රාත්තුව ලබා ගත් පුද්ගලයා එම සිදුවීමට අදාළව පරීක්ෂණ පැවැත්වෙන අතරතුර පොලිස් වෙඩිපහරට ලක්ව මියගොස් ඇතැයිද පැවැසූ මාලගමුව මහතා වැඩිදුරටත් කියා සිටියේ, එකී සැකකරු මිය යෑමට පෙර ඒ සම්බන්ධයෙන් විස්තර පවසා ඇති බව උසස් පොලිස් නිලධාරියකු තමා වෙත දැනුම් දුන් බවයි.

ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් අක්කර 965ක වතුයායක් කල්බදු පදනම මත වසර 50ක් සඳහා තමා ලබාගෙන තිබූ බවත් එම වතුයාය නීති විරෝධීව බෙවන් පෙරේරා විසින් පවරා ගැනීමට සැලසුම් කළ සමයේ මෙලෙස ඝාතන කොන්ත්‍රාත්තුව ලබාදී ඇති බවයි.

“බෙවන් පෙරේරා ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයකු විධියට කාලයක් කටයුතු කළා. ඒ කාලේ මට කතා කරලා කිව්වා මේ වත්ත ඔහු පවර ගන්නවා කියලා. මට ඔහුගේ ගෙදරට එන්න කියලා කීවාම මම එහි ගියා. එහිදී ඔහු මට තර්ජනය කළා. මගේ සපත්තු දෙක පවා හැංගුවා. ඒ කාලේ තමයි මේ ඝාතන කොන්ත්‍රාත්තුවක් ලබාදී තියෙන්නේ. මම මේ ගැන අගමැතිවරයා පවා හමුවී දන්වා සිටියා. අගමැතිවරයා පොලිස්පතිවරයාට මේ බව දැනුම් දුන්නත් වැඩක් වුණේ නැහැ. කොළඹ අපරාධ කොට්ඨාසයෙන් පරීක්ෂණ ආරම්භ කළත් සති දෙකක් ගිය තැන ඒ සියල්ල යට ගියා” යැයි මාලගමුව මහතා සඳහන් කළා. මේ සිදුවීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කොට තමාට ඇති ජීවිත තර්ජනය සම්බන්ධයෙන් ඇති ගැටලුව විසඳා දෙන ලෙසත් තමා ජනතා වතු සංවර්ධන මණ්ඩලයෙන් නීත්‍යනුකූලව ලබාගෙන ඇති වතුයාය නැවත තමාට ලබාදීමට කටයුතු කරන ලෙසත් ඔහු මෙහිදී ඉල්ලා සිටියා. 2018දී බෙවන් පෙරේරාගෙන් මරණ තර්ජනයක් ආවා. බෙවන් පෙරේරා ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයකු විධියට වැඩ කළා. අවුරුදු 50ක ලීසිං ක්‍රමයට අපි නාවලපිටියෙන් ඉඩමක් ගත්තා. 2017දී නැවත බෙවන් පෙරේරා මට කතා කරලා කිව්වා ආපහු ඒ වත්ත ජනවසමට ගන්නවා කියලා. මං කිව්වා අපේ ගිවිසුම් අනුව එහෙම ගන්න බැහැ කියලා. පස්සේ ඔහු මට තර්ජනය කළා. පහුවදා මගේ යාළුවෙක් සමඟ ඔහු මුණගැහෙන්න ගියා. මං ඇතුළේ ඉඳන් කතා කරලා එළියට එනකොට මගේ සපත්තු දෙක තිබුණේ නැහැ. එයා සපත්තු දෙක හැංගුවේ මං හිතන්නේ සර්පයෙක් දාන්න."

"මොකද මං බූට්ස් අඳින්නේ. මොහු සල්ලි දෙන්න කිව්වා ඒ ප්‍රශ්නය විසඳලා දෙන්නම් කියලා. මං කිව්වා ශතයක් දෙන්නේ නැහැ කියලා. පස්සේ ඒ වත්ත බෙවන් පෙරේරාගේ නමට හරවාගෙන. මං ඊට පස්සේ ගිහින් ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිතුමාට මේ ගැන කිව්වා. මේ වගේ කෙනෙකුට ‘ජනවසමේ’ මෙහෙම තනතුරක් දුන්නේ ඇයි කියලා මං ඇහුවා. මොනවාද තියෙන සුදුසුකම් කියලා මං ඇහුවා. පස්සේ කිව්වා මට කරන්න දෙයක් නෑ ඩිලන්ත මෙයා රනිල්ගේ මනුස්සයෙක්. මං ටික දවසකට රේස් එකකට රට ගිහින් ඉඳලා ආවාම මගේ අක්කා කතා කරලා කිව්වා පොලිසියේ ඩී.අයි.ජී. කෙනෙක් මාව හොයනවා කියලා. ඒ ප්‍රියන්ත ජයකොඩි මහත්තයට මං කතා කළාම කිව්වා ඔයාට මරණ තර්ජනයක් තියෙනවා මේ දවස් ටිකේ ප්‍රවේශමෙන් ඉන්න කියලා. මාතර රන්බඩු කඩයක් කඩපු චාමර කියලා කෙනෙක් අහුවුණා. ඔහුගේ අතේ ආයුධයක් තිබිලා හම්බ වුණා. ඩිලන්ත මාලගමුව මරන්න බෙවන් පෙරේරා දුන්න ආයුධය මේකයි කියලා ඔහු කියලා තියෙනවා. පෑලියගොඩ පොලිසියෙන් මට එන්න කියලා කටඋත්තරයක් ගත්තා. පස්සේ ඒ ගැන මොකුත්ම නැහැ. මං ගිහින් අගමැතිතුමාට කිව්වා බෙවන් පෙරේරා මාව මරන්න හදනවා කියලා. අගමැතිතුමා කිව්වා පොලිස්පතිතුමාට කියන්නම් කියලා. රංජිත් මද්දුමබණ්ඩාර ඇමැතිතුමාටත් කිව්වා. කිසිම දෙයක් වුණේ නැහැ. කාලයකට පස්සේ කොළඹ අපරාධ කොට්ඨාසයෙන් මට කිව්වා වහාම හම්බවෙන්න කියලා. සී.අයි. දිලීප් කියන කෙනාව මාරු කරා සුමාන දෙකක් යන්නත් කලින්. හිටපු පොලිස්පතිතුමාට කතා කරා, දන්න හැමෝටම කතා කරා කිසිම දෙයක් වුණේ නැහැ. මහ ලොකුවට කිව්වා මං රනිල් වික්‍රමසිංහගේ දකුණු අත මට මුකුත් කරන්න බෑ. බෙවන් පෙරේරා හැමවෙලේම පිස්තෝලයක් ඉණේ ගහගෙන ඉන්නේ. එයාට දීලා තියෙන්නේ බලපත්‍ර සහිත පිස්තෝලයක්. මේ ආණ්ඩුව ආපු ගමන්ම මං ගිහින් වැඩබලන පොලිස්පතිතුමාට දැනුම් දුන්නා. කොළඹ අපරාධ කොට්ඨාසයටත් දැනුම් දීලා වහාම මේ ගැන පරීක්ෂණයක් කරන්න උපදෙස් දීලා තියෙනවා. කර්මය පල දෙනවා වගේ හරියටම කාලෙකට පස්සේ බෙවන් පෙරේරාගේ නම පහුගිය දවස් ටිකේ කරළියට ආවා. මං හිතනවා වර්තමාන ආණ්ඩුවෙන් ඔවුන් ගැන පරීක්ෂණයක් කරලා දඬුවම් කරයි කියලා බලාපොරොත්තු වෙනවා."

මහමැතිවරණය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙහෙයවන බවත්, යාන්ත්‍රණය බැසිල් රාජපක්ෂ මහතා විසින් ක්‍රියාත්මක කරනු ඇති බවත්  ජනාධිපතිවරයා ලෙස තමන් ඊට සහාය දක්වන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා පැවැති හමුවකදී ඔහු මේ බව පැවැසීය.

එසේම පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන බවත්, මහ මැතිවරණය අනිවාර්යයෙන් ජයග්‍රහණය කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.

“මහ මැතිවරණය වෙනුවෙන් අපේ පිලේ ඉන්න හොඳම දේශපාලනඥයා මහින්ද රාජපක්ෂ. එතුමා මැතිවරණය මෙහෙයවයි. යාන්ත්‍රණය දුවවන්නේ බැසිල් රාජපක්ෂ. ඒක හංගන්න දෙයක් නෑ. ජනාධිපතිවරයා ලෙස මම ඒකට සහයෝගය දෙනවා. තුනෙන් දෙකක් ගන්න බලාපොරොත්තු වෙනවා. වැඩි ඡන්දයක් ගන්න පුළුවන් ලකුණක් අපි යොදාගන්නවා”

විපක්ෂ නායක ධුරයට අමතරව ඉදිරි මහමැතිවරණයේදී අගමැති අපේක්ෂකත්වයද සජිත් පේ‍්‍රමදාස මහතාට ලබාදීමට එක්සත් ජාතික පක්ෂය සඳහා නව මුහුණුවරක් හඳුන්වාදීමට පත්කළ ප‍්‍රතිසංවිධාන කමිටුව තීරණය කර තිබේ.
 
එක්සත් ජාතික පක්ෂය සඳහා නව මුහුණුවරක් හඳුන්වාදීමට පත්කළ ප‍්‍රතිසංවිධාන කමිටුවේ නිර්දේශ සමග සජිත් පේ‍්‍රමදාස මහතාට මහමැතිවරණයේදී අගමැති අපේක්ෂකත්වය දියයුතු බවට වන යෝජනාවද එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට මේ සතියේදී නිල වශයෙන් දැනුම් දීමට නියමිතය.
 
එක්සත් ජාතික පක්ෂය සඳහා නව මුහුනුවරක් හඳුන්වාදීමට පත්කළ ප‍්‍රතිසංවිධාන කමිටුව සඳහා හිටපු සභානායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන වජිර අබේවර්ධන, රංජිත් මද්දුමබණ්ඩාර, තලතා අතුකෝරාල, මලික් සමරවික‍්‍රම සහ ආශු මාරසිංහ යන මහත්ම මහත්මීන් පත් කරනු ලැබූ අතර, රංජිත් මද්දුමබණ්ඩාර සහ තලතා අතුකෝරාල යන මහත්ම මහත්මීහු ඉන් ඉවත්වන බව පසුව නිවේදනය කළහ.
 
පක්ෂයට සම්බන්ධ සියලූම පාර්ශවයන්ගේ අදහස් ගෙන පක්ෂයේ නව මුහුණුවර සකස් විය යුතු ආකාරය පිළිබඳ අංගසම්පූර්ණ වාර්තාවක් ඉදිරියේදී පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට භාරදෙන බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පුවත්පතකට පැවසිය.

තමාට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට මෙන් අවුරුදු 40ක 50ක දේශපාලන අත්දැකීම් නැති මුත් තමා තීන්දු ගන්නේ ඒ අවස්ථාවේ පැන නැගී තිබෙන අවශ්‍යතාවය සහ කරුණු සලකා බලා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. 

තමන් එසේ ගන්නා තීන්දු තීරණ දේශපාලන වශයෙන් ජනප්‍රිය නොවුණද තමන් යම් කරුණක් පිලිබඳ වචනයක් ප්‍රකාශ කළොත් එම වචනය ඉටු කිරීම තම ප්‍රතිපත්තිය බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි. 

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (12) පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අමතාය. 

එළඹෙන මහ මැතිවරණය සම්බන්ධයෙන් වූ කළුතර දිස්ත්‍රික් මනාප ක්‍රමය හිටපු උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා සහ හිටපු බස්නාහිර පළාත් සභා අමාත්‍යවරයෙකු වන ජගත් අංගගේ මහතාගේ අධාරකරුවන් අතර ගුටිබැට හුවමාරුවකින් හමාර වී තිබේ.

ඊයේ (11) පානදුර තල්පිටිය ප්‍රදේශයේදී රෙජිනෝල්ඩ් කුරේ මහතා වෙනුවෙන් සංවිධානය කළ හමුවකට ඔහු පැමිණි අවස්ථාවේදී ඊට බාධා කරමින් අංගගේ මහතාගේ අධාරකරුවන් විරෝධතාවයක් දැක්වූ අතර එහිදී සිය රථයෙන් බිමට බැසගත් කුරේ මහතා සහ අංගගේ මහතාගේ අධාරකරුවන් අතර ගුටිබැට හුවමාරුවක් සිදුව තිබේ. 

කුරේ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අතර අංගගේ මහතා පොදුජන පෙරමුණ නියෝජනය කරයි. මේ දෙදෙනාම එළඹෙන මහා මැතිවරණයේදී එකම කණ්ඩායමකින් කළුතර දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට බලාපොරොත්තුවෙන් සිටියි. 

මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිධූරයෙන් ඉවත්වීමට මහින්ද දේශප්‍රිය මහතා කළ ඉල්ලීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ජනපතිවරයාගේ ප්‍රතික්ෂේප කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිපියකින් දන්වා තිබේ.

පාර්ලිමේන්තු මැතිවරණය, මැතිවරණ නීති රීති සංශෝධනය කිරීමට අවධානය යොමුකර ඇති හෙයින් මහින්ද දේශප්‍රිය මහතා තවදුරටත් සභාපති ධුරයෙන් කටයුතු කිරීම අවශ්‍ය බව ජනපතිගේ අදහස වී තිබේ.

වැලි හා පස් ප්‍රවාහනයට තිබූ බලපත්‍ර අහෝසි කිරීම මගින් පරිසර හානියක් සිදුනොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහ බෝ සමිඳුන් වහන්සේ වැඳ පුදා ගෙන ආශීර්වාද ලබා ගත්තේය.

ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරි නිවාස නා හිමිපාණන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

පසුව රුවන්වැලි සෑ මහා රදුන්  වැඳ පුදා ගත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරි  පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් බැහැ දැක ආශීර්වාද ලබා ගත් අතර, ඉන් අනතුරුව මිරිසවැටිය චෛත්‍යය වැඳපුදා ගත්තේය.

පසුව අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයට පැමිණ විහාරාධිපති නුගේ තැන්නේ පඤ්ඤානන්ද නා හිමිපාණන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මෙසේ පැවසීය.

“අද වන විට වැට් බදු අඩුකිරීම තුළින් ව්‍යාපාරිකයන්ට සහන රැසක් ලැබී තිබෙනවා. කුළු බඩු වර්ග ආනයනය හා ප්‍රතිඅපනයනය නතර කිරීම තුළින් මේ වන විට මෙරට  ගම්මිරිස් ඇතුළු කුළු බඩු ගොවියාට හොඳ මිලක් ලැබී තිබෙනවා. විශේෂයෙන්  කිව යුතුයි  වැලි හා පස් කැණීම් අවසර ලබා දී නැහැ. ඒ සම්බන්ධයෙන් වැරදි ප්‍රචාරයක් රට පුරා ප්‍රචාරයක් යමින් තිබෙනවා. වැලි හා පස් ප්‍රවාහනයට පමණයි තහනම ඉවත් කර තිබෙන්නේ, ඒවා ප්‍රවාහනයට අවසර ලබා දීම තුළින් ප්‍රවාහන ගාස්තු  අඩු වූ පසුව ඒවායේ  මිල අඩු වෙනවා. මේ ප්‍රදේශ වලින් විසි දහසට ගත්ත වැලි, පිට ප්‍රදේශවල රුපියල් හැට හතර දහසකට විකුණනවා. දැන් එය තිස් දහස් ගණනකට අඩු වෙලා තිබෙනවා. ප්‍රවාහන බලපත්‍ර අහෝසි කරා කියලා පරිසර හානියක් සිදු වන්නේ නෑ.”

පසුගිය ජනාධිපතිවරණය ජයග්‍රහණය කරනු ලැබුවේ සිංහල බෞද්ධ ජනතාවගේ බහුතර ඡන්දයෙන් පමණක් වුවද මැතිවරණයෙන් පසු ඡන්දය දුන් නොදුන් සියලු ජන කොටස් වත්මන් දේශපාලන ප්‍රවාහයට එක්කර ගත යුතු බව අධිකරණ ,මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හාලිඇල කාර්යාලය විවෘත කිරීමේ උත්සවය එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේය.

මැතිවරණයෙන් පසු පරාජය වූවන් කොන් නොකර ඡන්දය දුන් නොදුන් සියලු ජන කොටස් වත්මන් දේශපාලන ප්‍රවාහයට එක්කර ගනිමින් සහයෝගයෙන් කටයුතු කරන ලෙස තමන් සියලුම දේශපාලන නායකයින්ගෙන් ඉල්ලා සිටින බවත් නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

විල්පත්තු ජාතික වනෝද්‍යානය හා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ෂණය කිරීම සඳහා ජනාධිපති කොමිසමක් පත්කිරීම සම්බන්ධයෙන් අහිල ඉලංගෙයි මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර ඇත.

තමන්ව ඉලක්ක කරගනිමින් තමන් නොකරන ලද ක්‍රියා සම්බන්දයෙන් විවිධ විද්‍යුත්, මුද්‍රිත හා සමාජ මාධ්‍ය ඔස්සේ සේම මහජනතාව අතරද පදනම් විරහිත අසත්‍ය චෝදනා ප්‍රචාරය කරමින් පටු දේශපාලනික අරමුණු ඉටු කර ගැනීමට හා ජාතිවාදය ඇවිලවීම සඳහා ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින මන්ත්‍රීවරයා එම ලිපියේ සඳහන් කර තිබේ.

එම ලිපිය මගින් මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාට සුබ පැතුම්ද එක් කර ඇත.

මන්ත්‍රීවරයාගේ ලිපියේ වැඩිදුරටත් සඳහන් වු කරුණු පහත සඳහන් වේ.,

" පසුගිය රජයේ අමාත්‍යධූරය හොබවමින් සිටියදීම මා ඉලක්ක කරගනිමින් චෝදනා එල්ල කිරීමට මෙම පිරිස් කටයුතු කළ අතර එම චෝදනා අතරින් විල්පත්තු රක්ෂිතය හෙලිකර මුස්ලිම් ජනයා පදිංචි කරවීම හා ත්‍රස්තවාදී සහරාන් සමග සම්බන්ධතා පැවැත්වීම යනාදිය මූලික වේ. 

එම චෝදනා වචනයට පමණක් සීමා වී කිසිදු සත්‍යතාවයකින් හෝ වලංගු භාවයකින් තොර හුදෙක් පටු වාසි ලබාගැනීමේ අරමුණින් කල චෝදනාවන් බව ඔබතුමාට දැන්වීමට කැමැත්තෙමි.

තවද පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට මා සම්බන්ධ බවට එල්ල වූ චෝදනා සදහාද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මගින් විමර්ෂණය කළ අතර පොලීසිය මගින් කල පරීක්ෂණ හමුවේද මා නිර්දෝශී බව පවසමින් එවකට සිටි වැඩබලන පොලිස්පතිවරයා විසින් ගරු කථානායකතුමා වෙත වාර්තාවක්ද ඉදිරිපත් කරන ලදි. 

එහෙත් මේ පිරිස් විසින් මෙම මාතෘකාවන් නැවත නැවතත් වැරදි ආකාරයකට කරළියට ගෙනවිත් මේ සිදුකරමින් පවතින මඩ ව්‍යාපාරයෙන් අපහසුතාවයට පත්වන්නේ මාගේ අසරණ සමාජය බව දැන්වීමට කැමැත්තෙමි. 

එකාමෙන් සමගියෙන්  ජීවත්වන අපගේ මේ මාතෘ භූමියේ ආගම්, ජාති, කුල, බේද ඇති කර රට අස්ථාවර කිරීමේ උත්සාහයක මේ පිරිස යෙදෙන බවද ඔබතුමාට දැන්වීමට කැමැත්තෙමි. 

තවද විල්පත්තු රක්ෂිතය තුළ රජයේ ඉඩම් කිසිවක් මාගේ බලය අයථා ලෙස භාවිතා කරමින් විනාශ කර නොමැති බව ඔබතුමාගේ විශේෂ අවධානයට යොමු කරවීමට කැමැත්තෙමි.

 1990 වසරේ උතුරු ප්‍රදේශයෙන් අවතැන්වූ මුස්ලිම් ජනතාව හට 2009 වසරෙන් පසුව තම ගම්බිම් වල නැවත පදිංචි වීමේ අවස්ථාව උදාවූ අතර මෙම අවස්ථාව උදාකර දීම සදහා ඔබතුමා එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් ලබාදුන් සහයෝගය මා ඉතාමත් කෘතඥපූර්වකව මතක් කිරීමට කැමැත්තෙමි. 

වසර 30 ක පමණ කාලයක් මුළුල්ලේ අත්හැර දමා තිබූ මෙම ගම්බිම් වල් බිහිවී සුවිසල් වනයක් බවට පත්විය.

 එබැවින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙය වන රක්ෂිතයක් වශයෙන් නම් කරන ලදි. නමුත් මෙහි යථාර්ථය අවබෝධ කරගත් එවකට සිටි අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය විසින් ජනාධිපති විශේෂ කාර්ය සාධන බලකායක් පත්කර එමගින් මෙම ජනතාවගේ ඉඩම් හදුනාගෙන ක්‍රමානුකූලව ඔවුන්ව නැවත පදිංචි කරවීම සදහා කටයුතු කරන ලදි. 

මෙම විල්පත්තු රක්ෂිතය සම්බන්ධයෙන් විවිධ වූ සාකච්ඡා හා රැස්වීම් සමාලෝචන ආදිය පවත්වා මෙහි සත්‍ය අවබෝධ කළ අතර පරිසරවේදීන් විසින්ද එය පිළිගන්නා ලදි. 

කරණු මෙසේ තිබියදීත් දිගින් දිගටම මෙම සිද්ධිය පිළිබදව අසත්‍ය චෝදනා ඉදිරිපත් වෙමින් පවතින බැවින් එම චෝදනා වල සත්‍යතාවය රටට හෙලිකිරීම සදහාත් අප රටේ වටිනා ස්වභාවික සම්පතක් වු විල්පත්තු වනෝද්‍යානයට යම් හෙයකින් හෝ  හානියක් වී ඇත්නම් ඒ සදහා වගකිවයුත්තන් කවුරුන්දැයි සොයා බැලීම සදහා ස්වාධීන ජනාධිපති කොමිසමක් පත්කර ඊට අදාල ක්‍රියාමාර්ග ගන්නා මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.

තවද පසුගිය අප්‍රේල් 21 වන පාස්කු ඉරු දින මුලු මහත් ජනතාවම ශෝකයට පත්කරමින් සිදු වු ඒ කුරිරු ත්‍රස්ත ප්‍රහාරය සිදුකල ත්‍රස්තවාදීන් සමග මා සම්බන්ද යැයි පවසමින් කරන අසත්‍ය චෝදනා සම්බන්දයෙන් දැනටමත් පරීක්ෂණ පවත්වා මා නිවරැදි බවට තහවුරු වී ඇතත් අවශ්‍යනම් නැවත ජනාධිපති කොමිසමක් පත්කර එම ප්‍රහාරය සම්බන්දව විශේෂ පරීක්ෂණයක් කරන මෙන්ද ඉතාමත් ඕනෑකමින් ඉල්ලා සිටිමි. "

රාජගිරියේ සිදුවූ අනතුරට අදාළ පරීක්ෂණවලට තමන් මුහුණ දුන් බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

සිය ෆේස්බුක් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.

“2016 පෙබරවාරි 28 දා රාත්‍රී 9.30ට පමණ අපේ අමාත්‍යාංශයේ වාහනයක යතුරු පැදියක් ගැටීමෙන් මේ අනතුර සිදුවුණා. ඒ අවස්ථාවේදී මෝටර් රථයේ සිටි අපගේ රියදුරා බියට පත්වෙලා ගියා. මේ අවස්ථාවේදී යතුරු පැදිවලින් පැමිණ කණ්ඩායමක් ඔහු අල්ලාගෙන පහර දෙන්න හදන විට ඔහු බොරැල්ල පොලීසියට ගියා. ඔහු මේක වාර්තා කළා. යතුරු පැදිවලින් පැමිණි අය සාක්ෂි ලබාදී තිබුණා. පදින්න තනම් 1000 සීසී අධිවෙීගී මෝටර් සයිකල් හතරක නැගිලා අධික වේගයෙන් පාර්ලිමේන්තු පිටිටයට ආවා. මේ ගැන උසාවියට කරපු ප්‍රකාශ වල දැක්වී තිබෙනවා. මේ අවස්ථාවේදී අපගේ වාහනය සරණ පාරට හරවන විට එක් යතුරු පැදියක ගැටුණා. ඒ යතුරු පැදිය පදවාගෙන ආපු තරුණයා තමයි තුවාල ලැබුවේ. පසුපස ආපු තරුණයට මොකවත් වුණේ නෑ. ඒ ඇතැම් අය මත්පැන් පානය කරලා හිටපු නිසා පොලීසියට යන්නත් බැරිවුණා. නමුත් පොලීසියට ගිහින් කිව්වා මේ හිටියේ චම්පික රණවක මහතාගේ රියදුරා කියලා. මින් දින 6කට පස්සේ තරුණයන් දෙන්නෙක් සම්බන්ධ කර ගත්තා කූඨ ව්‍යාපාරිකයෙක්. මේ ගැන සම්පූර්ණ දුරකතන දත්ත අපි ළඟ තිබුණා. ඔවුන් දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කළා. අපි පරීක්ෂණවලට ඉඩ දුන්නා. පොලීසිය පරීක්ෂණයක් කළා. විශේෂ විමර්ශනයකුත් කළා. දුරකතන දත්තවලින් ඔප්පු වුණේ මම නිවසේ සිටි බවයි.ඒ දරුවා ගැන මම කනගාටුවෙනවා.”