May 15, 2024

පදක්කම් දිනූ ක්‍රීඩකයන් ලංකාවට ආ පසුව හිමි වෙන දැවැන්ත ත්‍යාගය

පැරා ඔලිම්පික් තරඟාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් සහ ලෝකඩ පදක්කම් දෙකක් මේ වන විට ශ්‍රී ලංකාවට හිමිව තිබෙන්නේ ලෝක වාර්තාවක් ද සමඟින්.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අත්කර දුන් මෙම ජයග්‍රහණය හේතුවෙන් රන් පදක්කමක් දිනූ පැරා ඔලිම්පික් ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත සහ ලෝකඩ පදක්කමක් දිනූ දුලාන් කොඩිතුවක්කු වෙත ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යංශය විසින් දැවැන්ත ත්‍යාග මුදලක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

ලෝකයේ පිළිගත් තරඟාවලියකදී ලබාගන්න ජයග්‍රහණ වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩික ක්‍රීඩිකායන්ට රාජ්‍ය අනුග්‍රහයෙන් ත්‍යාග මුදලක් පරිත්‍යාග කිරීම සිදුකරනවා. ඒ අනුව පැරා ඔලිම්පික් උළෙලේ රන් පදක්කම දිනූ දින්ෂේ ප්‍රියන්ත හට රුපියල් ලක්ෂ 50ක මුදලක්ද, ලෝකඩ පදක්කම දිනූ දුලාන් කොඩිතුවක්කු හට රුපියල් ලක්ෂ 20ක් ද ලබාදීමට නියමිතයි.

මෙම ක්‍රීඩකයන් දෙදෙනා ශ්‍රී ලංකාවට පැමිණිය පසුව හරසරින් පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා, ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු පිරිස විසින් පිළිගැනීමේ උත්සවයක් ද කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ සුදානම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

පදක්කම් දිනූ ක්‍රීඩකයන් දෙදෙනා එළැඹෙන සිකුරාදා (03) දිනයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 31 August 2021 07:56