May 16, 2024

ශ්‍රී ලංකා නාමය රනින් ලියවූ නව පැරා ඔලිම්පික් ලෝක වාර්තාව පිහිටුවේ මෙහෙමයි (VIDEO)

ශ්‍රී ලංකා නාමය රනින් බබලවන්ට පැරා ඔලිම්පික් ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හේරත් සමත් වුණේ මෙරට ශ්‍රී ලාංකිකයන්ගේ සිත් තුළට විශාල සතුටක් එක් කරදෙමින්.

ඒ අනුව අද (30) දිනයේ පැවැති පැරා ඔලිම්පික් තරඟාවලියේ F46 කාණ්ඩයේ පිරිමි හෙල්ලය විසි කිරීමේ තරගයේ දී දිනේෂ් නව ලෝක වාර්තාවක් පිහිටවන්නට සමත් වන්නේ මීටර් 67.79ක දුරක් වාර්තා කරමින්.

අනෙක් ක්‍රීඩකයන් කිසිවෙකුටත් එම අභියෝගය ජය ගැනීමට නොහැකි වුණු අතර ශ්‍රී ලංකාවට ප්‍රථම වතාවට එම ඉසව්වෙන් රන් පදක්කමක් හිමි කරගැනිමට සමත් වුණා.

දිනේෂ් ප්‍රියන්ත මීට පෙරද 2016 පැවැති බ්‍රසීල පැරා ඔලිම්පික් තරඟාවලියේ දී එම ඉසව්වෙන්ම ලෝකඩ පදක්කමක් දිනා ගැනිමට සමත්වී තිබුණා.

එම ලෝක වාර්තාව පිහිට වූ අවස්ථාවේ වීඩියෝව පහතින්,

Rate this item
(1 Vote)
Last modified on Monday, 30 August 2021 10:18