May 15, 2024

හෙල්ල විසි කිරීමෙන් ශ්‍රී ලංකාවට තවත් පදක්කමක්

ජපානයේ, ටෝකියෝ නුවර පැවැත්වෙන පැරාලිම්පික් තරඟාවලියේ F44 කණ්ඩායෙන් හෙල්ල විසි කිරීම සඳහා ඉදිරිපත් වූ සමිත දුලාන් කොඩිත්තුවක්කු එම ඉසව්වේ මීටර් 65.61ක දුරක් වාර්තා කරමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුණා.

දුලාන් එම ඉසව්වේ 02 වෙනි ස්ථානයේ පසු වුණත් අවසන් මොහොතේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයා දැක්වූ දක්ෂතාවය හේතුවෙන් රිදී පදක්කම ශ්‍රී ලංකාවට ගිලිහී ගියා.

පැරා ඔලිම්පික් උළෙලේ අද (30) දිනයේ ශ්‍රී ලංකාව හිමිකර ගත් දෙවැනි පදක්කම මෙය වෙනවා.

මීට පෙර පැවැති හෙල්ල විසි කිරීමේ F46 කාණ්ඩයේ තරගයකින් නව ලෝක වාර්තාවක් සමඟ රන් පදක්කම හිමි කරගැනීමට දිනේෂ් ප්‍රියන්ත හේරත් සමත් වුණා.

Rate this item
(0 votes)