May 15, 2024

පැරා ඔලිම්පික් තරඟාවලියේ ලංකාවේ පදක්කම් බලාපොරොත්තුව

ජපානයේ මේ දිනවල පැවැත්වෙන පැරා ඔලිම්පික් තරඟාවලිය පැවැත්වෙමින් තිබෙනවා.

මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කණ්ඩායමක් සහභාගී වී සිටිනවා.

ඒ අනුව අද (27) දිනයේ ශ්‍රී ලංකා පැරා ඔලිම්පික් දුනු විදීමේ ක්‍රීඩක සම්පත් බණ්ඩාර තරඟ බිමට පිවිසුණා.

පැරා දුනු විදීම් ඒකල ඉසව්ව සඳහා සහභාගී වූ සම්පත් ඉදිරිපත් වුණේ ශ්‍රේණිගත කිරීමේ තරග වටයටය සඳහායි.

සම්පත් ශ්‍රී ලංකාවට බලපොරොත්තුවක් එක් කරමින් එහිදී අවසන් 16 දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට සමත් වුණා.

ලබන සැප්තැම්බර් මස 03 වැනිදා සම්පත් අවසන් 16 දෙනාගේ වටයේ දී ඉන්දීය පැරා ඔලිම්පික් ක්‍රීඩක චිකාරා විවේක් සමඟ තරග බිමට පිවිසීමට නියමිතයි. 

Rate this item
(0 votes)