May 05, 2024

අමාරුවට ඉස්පිරිතාලේ ගියාම රත්රන් බඩෙන් අරන්

ඉන්දියාවේ දිල්ලි අගනුවර ව්‍යාපාරිකයකුගේ උදරයේ වේදනාවක් නිසා සිදුකරන ලද සැත්කමකින් රන් පොලු 12ක් ඉවතට ගැනීමට හැකි වී තිබේ.63 හැවිරිදි මේ තැනැත්තා රෝහල් ගත කෙරුණේ වමනය යෑම සහ මලපහ කිරීමේ අපහසුතාව නිසාය. ඔහු ප්‍රකාශ කළේ තම බිරිය සමඟ ආරවුලක් නිසා තමා බෝතල් මූඩියක් ගිල්ල බවයි. එහෙත් සැත්කමෙන් පසු ඔහුගේ උදරයෙන් සොයාගත් රන් ප්‍රමාණය ග්‍රෑම් 400ක් විය. වෛද්‍යවරුන් මේ ගැන පොලිසියට, රේගුවට සහ බලධාරීන්ට දැනුම් දුන් අතර රන් ප්‍රමාණය රාජසන්තක කෙරිණි.

(සුදේශ් කරුණාතිලක )

Rate this item
(0 votes)