May 19, 2024

සිරියාවේ කොබානේ නගරය කුර්දි සටන්කාමීන් යටතට

කුර්දි සටන්කාමීන් සිරියාවේ කොබානේ නගරයේ පාලනය අත්පත් කරගෙන ඇතැයි විදෙස්  වාර්තා පවසනවා. මේ වන විට කොබානේ නගරයේ සියයට 80ක බලය අයි.එස් සටන්කාමීන් අතින් ගිලිහි ඇති බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.
 
 පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී අයි.එස් සටන්කාමීන් කොබානේ නගරයේ බලය අත්පත් කර ගත්තා. ඔවුන්ගෙන් යළි කොබානේ නගරය අත්පත් කර ගැනීම සඳහා සටන් වැදුණු කුර්දි සටන්කරුවන්ට අමෙරිකානු ගුවන් හමුදාව ද සහය ලබා දුන්නා. 
 
Rate this item
(0 votes)