May 19, 2024

දකුණු ඉතාලියට ආ යුරෝපා නෞකාව පරීක්ෂාවට

සිය ගණනක් වූ සිරියානු අනවසර සංක්‍රමණිකයන් පිරිසක් ද සමග පසුගිය සිකුරාදා දකුණු ඉතාලියේ වරායක් තුළට ඇද ගෙන ආ නෞකාවක් යුරෝපා හවුලේ ආගමන කටයුතු භාර නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක් වෙමින් තිබේ.
 
දැනට පොලිස් ආරක්ෂාව යටතේ රඳවා ඇති එසදීන් (Ezadeen) නම් මේ නෞකාව සාමාන්‍යයෙන් ගොවිපළවල් සඳහා සතුන් ප්‍රවාහනය කරන්නක් වන අතර මිනිස් ජාවාරම් කරුවන් විසින් මුහුද මැද අත්හැර දමා තිබියදීය සොයා ගෙන ඇත්තේ'
 
මෙම නැවෙන් ඉතාලිය තුළට පැමිණි අනවසර සංක්‍රමණිකයන්ගේ ගේ තොරතුරු පොලීසියට ලබා දීමෙන් පසු රට තුළ වෙනත් ස්ථාන වල ලැගුම් හල් වෙත යවා ඇති බවයි පැවසෙන්නේ.
මේ සතිය තුල දී පමණක්, අනවසරයෙන් ඉතාලියට පැමිණෙන්නන් ද සමග අත්හැර දමා තිබූ දෙවන නෞකාව මෙය බවටයි වාර්තා වන්නේ.
සරණාගතයන් පිලිබඳ එක්සත් ජාතීන්ගේ ආයතනයේ ප්‍රකාශකයෙකු වන විලියම් ස්පින්ඩ්ලර් පැවසුවේ මෙවැනි ක්‍රියා අනවසර සංක්‍රමණිකයන් දැඩි අනතුරේ හෙලන බවයි.
 
“මේ සිදුවීම ඉතාමත් කණගාටුදායකයි, මොකද මේක ඉතාමත් භයානක ක්‍රමවේදයක් නිසා. ඒ අය සිය ගණනක් මිනිස්සු බඩු ප්‍රවාහන, එහෙම නැතිනම් සතුන් ප්‍රවාහනය කරන යාත්‍රා තුලට රිංගවල ඉතාලිය පැත්තට එවනව. මේක ඉතාමත්ම භයානකයි. දෙදහස් දහතුනේ නොවැම්බර් මාසේ ලෑම්පෙදුසා වල සිදුවුනා වගේ තවත් ජීවිත විනාශයක් සිදුවෙන්න පුළුවන්” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
Rate this item
(0 votes)
Last modified on Monday, 05 January 2015 14:22