May 19, 2024

අන්තර් ජාලය නිසා සාහසික ක්‍රියා වර්ධනයක්

අන්තර් ජාලය නිසා සාහසික ක්‍රියා වර්ධනය වී ඇති අතර ආණ්‌ඩු පවා බිඳ වැටී ඇතැයි බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිඡ් විශ්වවිද්‍යාලයේ පරීක්‍ෂණ කණ්‌ඩායමක්‌ හෙළි කර ඇත.
2011 වසරේ ඊජිප්තුවේ කුමන්ත්‍රණය ඇති වීමට මූලික හේතුව අන්තර්ජාලය බවද ඔවුහු පවසති.
 
අන්තර් ජාල කටයුතු නිසා තෙවැනි ලෝක යුද්ධය ඇති වීමේ ඉඩකඩ පවතින බවට අනතුරු අගවන එකී පරීක්‍ෂණ කණ්‌ඩායම දේශපාලන කැරලි ඇති කිරීමටද අන්තර්ජාලය සහය වන බව කියා සිටියේය. දේශපාලන කැරලි ඇති වීමට මූලික හේතුව වී ඇත්තේ විවිධ ප්‍රචාර බවද ඕව්හු හෙළි කර ඇත.
 
 
Rate this item
(0 votes)