May 19, 2024

පිලිපීනයට දැඩි අපදා තත්ත්වයක්

පිලිපීනයට බලපා ඇති ජන්ග්මී සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුර හා නායයෑම් හේතුවෙන් පුද්ගලයන් 53 දෙනෙකුට ජීවිත අහිමි වී ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.
එහිදී, මධ්‍යම හා දකුණුදිග පළාත්වල සිටින 80,000ක පමණ ජනතාවක් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන ගොස් ඇති බවද එරට සහන සේවා පවසයි.
 
කාලගුණ අංශ විසින් අනතුරු ඇඟවීම් සිදුකර තිබුණත්, එම අනතුරු ඇඟවීම් ඇතැම් පුද්ගලයන් විසින් ගණන් නොගෙන සිටීම හේතුවෙන් මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවද කියයි.
එමෙන්ම, මෙම ගංවතුර තත්ත්වය මැලේසියාව වෙතද බලපා ඇති අතර, එරටද පුද්ගලයන් 145,000ක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති බව කියැවෙයි.
 
Rate this item
(0 votes)
Last modified on Thursday, 01 January 2015 13:10