May 19, 2024

එයාර් ඒෂියා මෙහෙයුම තවදුරටත්

එයාර් ඒෂියා QZ8501 යානයේ මළ සිරුරු තවදුරටත් ඉන්දුනීසියා සුරබයා නගරය වෙත රැගෙන එමින් පවතින බවත්, 31 වැනිදා ප්‍රථම මළ සිරුරු ද්විත්වය රැගෙන පැමිණි බවත් විදෙස් පුවත් සේවා පවසයි.
 
මළ සිරුරුවල ඩී.එන්.ඒ. පරීක්ෂණ සිදුකරමින් ඒවායෙහි අන්‍යතාව තහවුරු කරගැනීමට බලධාරීන් කටයුතු කරමින් සිටින බවද වාර්තා වෙයි.මළ සිරුරු සාගරයෙන් ඉවතට ගැනීමේ මෙහෙයුම් රාත්‍රී කාලයේදී පවා සිදුකළත්, අයහපත් කාලගුණය ඊට බලවත් අභියෝගයක් බවද බලධාරීහු පවසති.
 
සුරබයා නගරයේදී මහජනතාවගේ සහභාගීත්වයෙන් මියගියවුන් සැමරීමේ උත්සවයක්ද බදාදා දිනයේ පැවති අතර, නව අවුරුදු උදාවේ සැමරුම් උත්සව නවතා දැමීමටද කටයුතු කර තිබේ.සිංගප්පූරුව බලා ගමන් කරමින් සිටියදී පුද්ගලයන් 162 දෙදෙනෙකු මියගිය අතර, මියගිය මගීන්ගෙන් 137ක් වැඩිහිටියන්ද, 17ක් දරුවන්ද බවද, එක් අයෙකු ළදරුවෙකු බවද කියයි.
 
Rate this item
(0 votes)