May 19, 2024

තෙවැනි වරටත් වෙනිසියුලා අර්ථිකය පසුබෑමක

December 31, 2014
මෙම වසරේ තෙවැනි කාර්තුවටත් වෙනිසියුලා අර්ථිකය දැඩි පසුබෑමකට ලක්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.වෙනිසියුලා මහ බැංකුව ප්‍රකාශ කළේ 2014 තෙවැනි කාර්තුවේදී එරට ආර්ථික වර්ධන 2.3% කින් පහළ බැස ඇති බවයි.
 
ජනාධිපති නිකොලාස් මදුරෝ පවසන්නේ එරට පවතින දේශපාලන අස්ථාවරත්වය හා ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල පහළ යෑම මෙසේ ආර්ථිකයට සෘණාත්මක බලපෑමක් එල්ල කර ඇති බවයි.
 
එමෙන්ම, රුසියාවට එරෙහි ආර්ථික යුද්ධයේදී ඇමෙරිකාව විසින් වෙළෙඳ පොළට ෂේල් ඉන්ධන වැඩි වශයෙන් නිකුත් කිරීම තුළ ඇති වී තිබෙන තත්ත්වයද මදුරෝගේ විවේචනයට ලක්ව තිබේ.
 
Rate this item
(0 votes)