May 18, 2024

බැංගලෝරයේ අවන්හලක් අසල බෝම්බයක් පුපුරා යයි 

December 30, 2014

ඉන්දියාවේ බැංගලෝර් නුවර අවන්හලක් අසල පුපුරා ගිය බෝම්බයකට හසු වීමෙන් කාන්තාවක් මිය ගොස් පස් දෙනෙක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කාර්යබහුල ස්ථානයක බෝම්බය පුපුරවා හැර ඇති අතර ඉන්දීය පොලිසිය පවසන්නේ මෙම ප්‍රහාරය ‘ත්‍රස්ත ප්‍රහාරයක්’බවයි. 

ඉස්ලාමීය රාජ්‍ය සටන් සංවිධානයට හිතවත් ‘ට්විටර්’ ගිණුමක් පවත්වා ගෙන ගිය බවට චෝදනා ලත් ඉංජිනේරුවකු මේ මස ආරම්භයේදී පොලිස් අත්අඩංගුවට පත් විය.

ඉංජිනේරුවා අත්අඩංගුවට ගැනීමෙන් පසු පලිගන්නා බව සඳහන් කරමින් විද්‍යුත් තැපෑල මාර්ගයෙන් ඉන්දීය පොලිසියට ලියුම් ලැබී තිබේ.

ඉන් අනතුරුව ආරක්ෂක බලධාරීහු බැංගලෝර් නුවර ආරක්ෂාව සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසු වූහ. ලොව වටා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඉහත කී ‘ට්විටර්’ ගිණුමේ සාමාජිකත්වය දරති.

(බීබීසි)

Rate this item
(0 votes)