May 18, 2024

දශක කිහිපයකට පසුව මැලේසියාවට දරුණුතම ගංවතුර

December 29, 2014
දශක කිහිපයකට පසුව මැලේසියාවට බලපෑ දරුණුතම ගංවතුරින් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා අමතර ඇ.ඩො.මිලියන 142ක ප්‍රතිපාදන නිකුත් කළ බව එරට රජය පවසයි.
පුද්ගලයන් 160,000කට උන්හිටිතැන් අහිමි කළ ගංවතුර තත්ත්ය හේතුවෙන් පුද්ගලයන් පස් දෙනෙකුට ජීවිත අහිමි වූහ.
 
ගංවතුරින් පීඩාවට පත් ජනතාව බැලීමට ගිය එරට අගමැති නජීබ් රාසාක් විසින් මෙම සහන පිළිබඳ නිවේදනය කළේය.
එම ආපදා අවස්ථාවේදී අගමැතිවරයා ඇමෙරිකානු ජනාධිපතිවරයා සමග හවායි හි ගොල්ෆ් ක්‍රීඩා කරමින් සිටි බවට මුලින් ඔහුට ජනතා විරෝධයක්ද ඇති වෙමින් තිබූ අතර, ඔහු කඩිනමින් සහන සැලසීමට එයද හේතුවක් බව විදෙස් පුවත් සේවා පවසයි.
 
Rate this item
(0 votes)