May 18, 2024

ඇෆ්ගන් හමුදාවට නේටෝ සහාය

December 29, 2014
වසර 13ක් ඇෆ්ගනිස්ථානයේ සිදුකළ නේටෝ මෙහෙයුම් නිල වශයෙන් අවසන් කරමින්, ඇෆ්ගන් හමුදාව වෙත සහාය වීමේ නව පරිච්ඡේදයක් වෙත පිවිසෙන බව නේටෝව පවසයි.
ඇෆ්ගනිස්ථානයේ කාබුල් නගරයේ පැවති උත්සවයකදී නේටෝ අණදෙන නිලධාරීන් විසින් එම ධජය පහළ හෙලූ අතර, තිරසාර සහායක් වෙනුවෙන් වූ නව ධජය එසවීය.
 
මෙහෙයුමේ අණදෙන නිලධාරී ජෙනරාල් ජෝන් කැම්බල් මෙහිදී අදහස් දක්වමින් පවසා සිටියේ ඇෆ්ගන් ජනතාව අඳුරෙන් එළියට ගනිමින්, ඔවුන්ට අනාගතයේ බලාපොරොත්තු දැල්වීමට නේටෝව කටයුතු කළ බවයි.
 
ඇමෙරිකාවට එල්ල වූ 9/11 ප්‍රහාරයෙන් පසු නේටෝ හමුදා ඇෆ්ගනිස්ථානයේ කඳවුරු බැඳ ගත්හ.
 
Rate this item
(0 votes)