May 18, 2024

පාකිස්තානයේ ඉස්ලාමීය අන්තවාදී පූජකවරයෙකු අත්අඩංගුවට වරෙන්තු

December 28, 2014
පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර ප‍්‍රධාන පෙළේ ඉස්ලාමීය අන්තවාදී ආගමික පූජකවරයෙකු අත්අඩංගුවට ගන්නා ලෙසට එරට අධිකරණයක් විසින් වරෙන්තු නිකුත් කර ඇත.  ඉකුත්දා පෙෂාවර් නුවර පාසලකට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය හෙළා දැකීම ප‍්‍රතික්‍ෂේප කිරීම හේතුවෙන්. සිය ස්ථාවරය හේතුවෙන් රතු චතුරශ‍්‍රය ආශි‍්‍රතව විරෝධතා ඇතිවීම ඔහුට එල්ල වූ චෝදනාවයි.
 
කෙසේවෙතත් අමාම් අබ්දුල් අසීස් නම් වූ පූජකවරයා පවසන්නේ තමන් සිදුකළ කි‍්‍රයාව ඉතා සුළු දෙයක් බවයි. එවැන්නකට දඩුවම් කරනවාට වඩා බලධාරීන් සිදුකළ යුත්තේ ත‍්‍රස්ත ප‍්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම බවද ඔහු අවධාරණය කළා. ඉකුත් සතියේ එල්ල වූ මෙම ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පාසලේ සිටි ළමුන් 133 දෙනෙකු ඇතුළු 152 ඝෘතනයට ලක්වුණා.
 
Rate this item
(0 votes)