May 18, 2024

ඔබාමාට උතුරු කොරියාවෙන් දොස්

December 28, 2014
රටේ අන්තර්ජාල පද්ධතිය වසා දැමීම පිළිබඳව උතුරු කොරියාව ඇමරිකාවට දොස් නගන අතර ඇමරිකානු ජනාධිපති ඔබාමා පිළිබඳව වර්ගවාදී හැඟීම් අවුළුවන වචන යොදා ගෙන තිබේ.
උතුරු කොරියානු ජාතික ආරක්ෂක කොමිසම පවසන්නේ දින දෙකකට පෙර මත භේදයට තුඩු දුන් චිත්‍රපටය මුදාහැරීම පිළිබඳව ජනාධිපති ඔබාමා පෞද්ගලිකව වගකිවයුතු බවයි.
 
එම චිත්‍රපටය උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් ඝාතනය කිරීම තේමා කොට නිපදවන ලද්දකි.
 
උතුරු කොරියානු ආරක්ෂක කොමිසම විසින් ජනාධිපති ඔබාමා හඳුන්වා ඇත්තේ ඝර්ම කලාපීය වනාන්තරයක සිටින වඳුරෙකු ලෙසටයි.
චීනය විසින් දැනටමත් මෙම චිත්‍රපටය දහස් වතාවකට වඩා අන්තර්ජාලය තුළින් බාගත කර ඇති බවටයි වාර්තා වන්නේ.
Rate this item
(0 votes)