May 18, 2024

දේශපාලන ප්‍රතිසංස්කරණ ගැන ඕන් සාන් සුචී කළකිරිමේන්

December 27, 2014
 
සිය රටේ දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමය දැනට වඩා වේගවත් කළ යුතු බව පවසමින් මියන්මාරයේ විපක්ෂ නායිකාව ජාත්‍යන්තර ප්‍රජාව විවේචනයට ලක් කළාය.සියල්ල සුභවාදීව සිදුවනු ඇතැයි ලෝක බලවතුන් ඕනෑවට වඩා බලාපොරොත්තු දල්වා සිටින බවයි, ඕන් සාන් සුචී බීබීසී යට කියා සිටියේ.
 
“ප්‍රතිසංස්කරණ ගැන ජාත්‍යන්තර ප්‍රජාවේ උනන්දුව අඩු වෙලා කියල මම හිතන්නේ නැහැ. මම හිතන්නේ මේකට හේතුව ඔවුන් ඒ ගැන ඕනෑවට වඩා සුභවාදීව හිතපු නිසයි,” යනුවෙන් ඇය සඳහන් කළාය.
 
“බුරුමයේ ප්‍රශ්නය සතුටින් නිමාවෙනවා දකින්න ඔවුන් තවමත් කැමතියි, නමුත් එවැනි නිමාවක් අවශ්‍යයි කියල අවධාරණය කිරීමෙන් විතරක් එතනට ලඟාවෙන්න පුළුවන් කියල ඔවුන් හිතනවා. නමුත් දේවල් සිද්දවෙන්නේ ඒ විදියට නෙවෙයි.”
 
තමන්ට ජනපති පදවියට තරඟ කිරීම තහනම් කෙරෙන වගන්තිය ව්‍යවස්ථාවෙන් ඉවත් නොකෙරෙන්නේ නම්, මියන්මාරයට ප්‍රජාතන්ත්‍රවාදය උදාකර ගත නොහැකි බවද ඕන් සාන් සුචී කියා සිටියාය.
ඉතා ඉක්මනින් හෝ ප්‍රමාද වී හෝ ව්‍යවස්ථාව වෙනස් කෙරෙනු ඇතැයි තමන්ට සහතික බවත් බුරුමයේ විපක්ෂ නායිකාව සඳහන් කළාය.
Rate this item
(0 votes)
Last modified on Saturday, 27 December 2014 08:27