May 18, 2024

හිටපු අ‍මෙරිකානු ප්‍රධානීන්ට යුධ අපරාධ නඩු

December 26, 2014
යුධ අපරාධ සිදු කිරීම සම්බන්ධව හිටපු අ‍මෙරිකානු උප ජනාධිපති ඩික්‌චෙනි ප්‍රධාන මාණ්‌ඩලික නිලධාරී ඩේවිඩ් ඇඩින්ටන් හිටපු සී. අයි. ඒ. ප්‍රධානී ජෝර්ඡ් ටෙනට්‌ සහ නීතිවේදියෙක්‌ වූ ජෝන් යූ. සහ ඡේ බයිව් යන පිරිසට නඩු පවරන ලෙස අ‍මෙරිකානු සංවිධාන දෙකක්‌ නීතිපති එරික්‌ හෝල්ඩර්ගෙන් ඉල්ලා ඇත.
 
සිරකරුවන්ට වධහිංසා පැමිණවීමේ ලියවිලි කෙටුම්පත් කළේ මොවුන් බවද එකී සංවිධාන තවදුරටත් දන්වා තිබේ.සී. අයි. ඒ. සංවිධානය සිදු කළ වධහිංසාවලට අදාළ තොරතුරු හෙළි වී ඇති බව ද එම සංවිධාන ප්‍රධානියකු වූ කෙනත් රෝකි කියා සිටී.
 
Rate this item
(0 votes)