May 18, 2024

ඔස්ට්‍රේලියාවේ ප්‍රතිත්‍රස්ත පොලීසිය යළි අවදියෙන්

December 24, 2014
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ප්‍රතිත්‍රස්ත පොලීසිය විසින් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් අයෙකු ත්‍රස්තවාදයට පහසුකම් සැපයීම හා තවත් අයෙකු පොලිස් අණ නොතැකීම යන චෝදනා යටතේ මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ.
 
පසුගිය සැප්තැම්බර් මාසයේ සිට සිඩ්නි නුවර සිදුවන ප්‍රතිත්‍රස්ත මෙහෙයුම් මාලවේ පියවරක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති බව එම පොලීසිය පවසයි.
 
පසුගියදා එරට අවන්හලක් තුළ සිදුවූ ඛේදවාචකයෙන් පසුව ඔස්ට්‍රේලියානු අගමැති ටෝනි බ්ලෙයාර් එරට ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකර ඇති අතර, ත්‍රස්ත අවදානම ඉහළ දමමින් මෙහෙයුම් වැඩිකර තිබේ.
 
 
 
Rate this item
(0 votes)