May 07, 2024

සිසුන් රැගත් යාත්‍රාවක් අනතුරේ

දකුණු කොරියානු මුහුදේදී මගීන් 470ක් සමග අනතුරට පත් වූ යාත්‍රාවේ සිටි එක් පුද්ගලයෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම යාත්‍රාවේ සිටි මගීන් අතරින් 320 දෙනෙකු ම දකුණු කොරියානු ශිෂ්‍යයින් වීම විශේෂත්වයකි.

ඔවුන් ගුරුවරුන් පිරිසක් සමග ජේජු දිවයිනේ නිවාඩු නිකේතනයක් වෙත යමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබේ.

නැව අනතුරට පත් වූ මුහුදු ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.6ක් වන හෙයින් ජලයට වැටුණු පුද්ගලයින් අධික ශීතලෙන් මිය යා හැකි බවට විදෙස් මාධ්‍ය වාර්තාකර තිබේ.

Rate this item
(0 votes)