May 07, 2024

කඩොලාන වනාන්තරයේ අනතුරකින් එක් අයෙකු මරුට

December 11, 2014
ලොව විශාලතම කඩොලාන වනාන්තරය වන සුන්දර්බන්ස් වනාන්තරයේ ගංගාවක ඛනිජ තෙල් ලීටර් තුන් ලක්ෂ පනස් දහසක් රැගෙන යාත්‍රා කළ බෝට්ටුවක් තවත් බෝට්ටුවක හැපීමෙන් අති බරපතල පරිසර හානියක් සිදු විය හැකි බවට බංග්ලාදේශ බලධාරීහු බිය පළ කරති.
 
බෝට්ටුවේ කාර්ය මණ්ඩලයේ එක් සාමාජිකයකු අතුරුදහන්ව සිටින අතර, ඔහු ජීවිතක්ෂයට පත්වන්නට ඇති බවයි සැලකෙන්නේ.
ඛනිජ තෙල් රැගත් බෝට්ටුව භාණ්ඩ රැගත් බෝට්ටුවක හැපී තිබෙන්නේ ඩොල්ෆින් මසුන් බහුලව ගැවසෙන කලාපයක් ආසන්නයේදී.
ගංගාව පුරා කිලෝමීටර් හතලිහක ප්‍රදේශයකට තෙල් තට්ට්ටුව විසිරී ගොස් ඇති බව වන සංරක්ෂණ නිලධාරියෙක් පැවසීය.
Rate this item
(0 votes)