May 07, 2024

මැලේසියාවේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

December 10, 2014
සිරියාවේ ක්‍රියාත්මක ඉස්ලාමීය රාජ්‍ය සටන් කණ්ඩායම්වල අවශ්‍යතාව මත ‘මැලේ’ ජාතික මුස්ලිම් භක්තිකයෙක් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදු කර ඇති බව මැලේසියානු පොලිසිය පවසයි.
 
හොම්ස් නගරයේ සිදු කළ මරාගෙන මැරෙන ප්‍රහාරයට හසු වී හමුදා භටයෝ පනහක් මරුමුවට පත් වූහ.
 
සිරියාවේ හෝ ඉරාකයේ ඉස්ලාමීය රාජ්‍ය සටන් කණ්ඩායම්වලට එක් වී ඇති මැලේසියානු ජාතිකයන් හතළිස් දෙනෙකු හඳුනා ගෙන ඇති බවයි මැලේසියානු බලධාරීන් කියා සිටියේ.
මේ අතර සටන්කාමීන්ට මූල්‍යාධාර සහ සහයෝගය ලබා දුන් බවට සැක පිට හතළිහකට වැඩි පිරිසක් මැලේසියානු බලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
 
ඉස්ලාමීය සටන්කාමීන් විසින් නීති විරෝධී ජිහාඩයට එක් වීම සඳහා තරුණ කණ්ඩායම් පොලඹවා ගන්නා බවයි මැලේසියානු අගමැති නජීබ් රසාක් පැවසුවේ.
ඊට එරෙහිව ත්‍රස්ත විරෝධී අණපනතක් සකසමින් සිටින බවත් අගමැතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
Rate this item
(0 votes)
Last modified on Wednesday, 10 December 2014 10:18