May 08, 2024

අමෙරිකන් ගුවන් ප්‍රහාරයෙන් සිව්දෙනෙකු මරුට

December 09, 2014
ඇෆ්ගනිස්ථාන දේශ සීමා ආසන්නයේ පිහිටි සටන්කාමීන්ගේ කඳවුරක් බවට සැක කෙරෙන ගොඩනැගිල්ලකට ඇමෙරිකානු නියමුවන් රහිත ගුවන් යානයක් මගින් එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් හතර දෙනෙකු මියගොස් ඇතැයි පාකිස්තාන හමුදාව පවසයි.
 
උතුරු වසිරිස්ථානයට එල්ල කෙරුණ එම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බවද පාකිස්තාන හමුදාව ප්‍රකාශ කළේය.
ප්‍රහාරය එල්ල කෙරුණේ නිව්යෝර්ක් උමං දුම්රිය මාර්ගයට පහර දීමට සැලසුම් කළ බවට සැක කෙරෙන ජ්‍යෙෂ්ඨ අල්කයිඩා නායකයෙකු ඝාතනය කළ බව පකිස්තානු ආරක්ෂක හමුදා ප්‍රකාශයට පත් කර දිනකට පසුවයි.
 
උතුරු වසිරිස්ථානයේ අල්කයිඩා සහ තලිබාන් සාමාජිකයන් බවට සැක කෙරෙන සටන්කාමීන්ට එරෙහි යුද මෙහෙයුමක් පකිස්තාන හමුදාව පසුගිය ජුනි මාසයේදී දියත් කළේය.
ජුනි මාසයේ සිට මේ දක්වා මෙහෙයුමෙන් පුද්ගලයන් දහසක් පමණ මරුමුවට පත් ව ඇති බවයි වාර්තා වන්නේ.
Rate this item
(0 votes)
Last modified on Wednesday, 10 December 2014 11:51