May 08, 2024

අල්කයිඩා ත්‍රස්තයන්ට බිළි වු තවත් ඇමෙරිකානු මාධ්‍යවේදියෙක්

December 08, 2014
බ්‍රිතාන්‍යයේ උපත ලැබූ ඇමෙරිකානු ජාතික මාධ්‍යවේදියෙකු වන ලූක් සොමර්ස් සහ දකුණු අප්‍රිකානු ජාතික ගුරුවරුයෙකු වූ පියරේ කොර්කි යේමනයේදී අල්කයිඩා ත්‍රස්තයන් අතින් මැරුම් කා ඇති බව වාර්තා වේ.
 
පසුගිය සෙනසුරාදා දිනයේදී ඔවුන් බේරාගැනීම වෙනුවෙන් ඇමෙරිකානු හා යේමන් විශේෂ බලකාය බටහිරදිග සහාබ්වා ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුම අසාර්ථක වී තිබේ.
 
ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා මේ අමානුෂික ඝාතන තරයේ හෙලා දැක තිබේ.
 
අරාබි අර්ධද්වීපයේදී අල්කයිඩා සංවිධානය විසින් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.
 
Rate this item
(0 votes)