May 07, 2024

හැගුපිට් චණ්ඩ මාරුතය පිලිපීනය අක්‍රමණය කරයි.

December 08, 2014
පිලිපීනයේ නැගෙනහිර වෙරළ කලාපයෙන් ඇතුළු වූ හැගුපිට් චණ්ඩ මාරුතය ගස් හා විදුලි කණු ඒ මේ අතර අඹරවමින්, වෙරළාශ්‍රිතව දැවැන්ත මුහුදු රළ ඇති කරමින් කලාපය හරහා හමා යමින් පවතින බව වාර්තා වේ.
 
පසුගිය වසරේ හයියාන් සුළි කුණාටුවෙන් ජීවිත රැසක් අහිමිවූ මෙම වෙරළ කලාපයේ මිලියන භාගයකට අධික ජනතාවක් ආරක්ෂිත ස්ථාන කරා ගොස් ඇති බව කියැවෙයි.
 
ටැක්ලොබානා ප්‍රදේශය හයියාන් සුළි කුණාටුවෙන් දැඩි බලපෑමකට ලක්වූ ප්‍රදේශයම වන අතර, හැගුපිට් චණ්ඩ මාරුතය හේතුවෙන්ද වහළ ගැලවී, වීදි ජලයෙන් යට වී පවතී.
 
කෙසේ වෙතත් මෙය හයියාන් තරම්ම හයියක් නොපෙන්වා ඇති බවද විදෙස් පුවත් සේවා පවසයි. එමෙන්ම, ජීවිත හානි පිළිබඳවද මෙතෙක් වාර්තා නොවෙයි.
 
Rate this item
(0 votes)