May 04, 2024

වතුර නිසා දුක් විදින මාලදිවයින

December 06, 2014
‘මාලේ’ අගනුවර පානීය ජලය අවසන් වීමත් සමඟ මාල දිවයින් සමුහාණ්ඩුවේ බලධාරීන් විසින් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
බෝතල් ජලය ලබා ගැනීම සඳහා මහජනයා ප්‍රයත්න දරද්දී අගනුවර වැසියන් අතර පොර බැදීම් සහ කඩ සාප්පු ආදියට පහර දීම් ගැනත් වාර්තා ලැබෙයි.
 
ජල පිරිපහදුවක හට ගත් ගින්නක් සමඟයි ජල සැපයුම නතර වී තිබෙන්නේ.
ඇති වූ තත්වය යටතේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව මාල දිවයින් සමූහාණ්ඩුවට ගුවන් සහ නැව් මගින් ජලය යැවීමට පියවර ගත් අතර ඇමෙරිකා එක්සත් ජනපදයත් ඊට එක්ව සිටියි.
 
ඉන්දියානු නාවික හමුදා යාත්‍රාවකින් ජාල පිරිපහදු යන්ත්‍ර දෙකක් මාල දිවයින් කරා ප්‍රවාහනය කෙරෙමින් ඇති බවයි බීබෙසී වාර්තාකරු චාර්ල්ස් හැවිලන්ඩ් පවසන්නේ.
දේශීය පානීය ජල සම්පාදනයට තවත් දවස් පහක් පමණ ගත වනු ඇතැයි මාල දිවයින් බලධාරීහු පවසති.
 
පෞද්ගලික ජල පිරිපහදු උපකරණ සහිත සංචාරක හෝටල් වලට මෙම ජල හිඟය බල නොපැවැත්වෙන බවත් වාර්තා වෙයි.
Rate this item
(0 votes)
Last modified on Saturday, 06 December 2014 11:50