May 04, 2024

ඉම්රාන් පාකිස්ථානයට තර්ජනය කරයි

December 05, 2014
2013 වසරේ පැවති මහ මැතිවරණය දූෂිත බවත් ඒ පිළිබඳව අපක්ෂපාතී සාධාරණ පරීක්ෂණයක් නොපවත්වන්නේ නම් ලබන 16 වැනිදාට මුළු පාකිස්ථානයම අක්‍රිය කරන බව එරට විපක්ෂ නායක හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් තර්ජනය කර තිබේ.
 
පසුගිය වසරේ පැවති මහ මැතිවරණය දූෂිත බව පවසමින් හා පකිස්ථාන අගමැති නවාස් ෂරීෆ්ට සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස බලකරමින් ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් පසුගිය අගෝස්තු මාසයේ සිට මාසයකට ආසන්න කාලයක් අගනුවර කේන්ද්‍ර කරගනිමින් දැවැන්ත විරෝධතාවයක් පැවතිණි.
 
දෙසැම්බර් 16 යනු පාකිස්ථාන ඉතිහාසයේ දුක්මුසු දිනය ලෙස සැළකෙන අතර 1971 දෙසැම්බර් 16 පකිස්ථානයේ නැගෙනහිර කොටස බංග්ලාදේශය නමින් ස්වාධීන රටක් ලෙස පත්විය.
Rate this item
(0 votes)