May 04, 2024

ISIS නායකයාගේ බිරිඳ සහ පුතණුවන් අත්අඩංගුවට

December 04, 2014
ISIS ඉස්ලාමීය රාජ්‍යයේ නායකයා ලෙස පෙනී සිටින අබු බකර් අල්-බග්දාදිගේ බිරිඳ හා පුතණුවන් අත්අඩංගුවට ගෙන ඇති බව ලෙබනන් ආරක්ෂක අංශ පවසයි.
 
සිරියාව හා ඉරාකය කේන්ද්‍ර කරගනිමින් ඉස්ලාමීය රාජ්‍යයක් ප්‍රකාශයට පත්කර ඇති මොහුගේ බිරිඳ හා දරුවාගේ නම සඳහන් කර නොමැති අතර, මීට දින 10කට පෙර ලෙබනන් වෙත ඇතුළු වීමට උත්සාහ කිරීමේදී එරට බුද්ධි අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
එරට අල් සෆීර් පුවත්පත පෙන්වා දෙන්නේ බග්දාදිගේ බිරිඳ ලෙබනන් ආරක්ෂක අමාත්‍යාංශයේදී දැඩි ප්‍රශ්න කිරීම්වලට යොමුවී ඇති බවයි.
 
පසුගිය ජූනි මාසයේදී ISIS නායකයා ලෙස බග්දාදි නම් කළ අතර, ඔහු ඇමෙරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ හමුදා ප්‍රහාරයකින් මිය ගිය බවටද පුවත් වාර්තා පසුගිය මාසයේදී වාර්තා විය.
 
කෙසේ වෙතත්, නැවත හඬ පටයක් නිකුත් කරමින් ඔහු ඒ වාර්තා අසත්‍ය බව කියා සිටි අතර, ගිනිකන්දක් ලෙස ජිහාඩ් පුපුරා යෑම තවදුරටත් ව්‍යාප්ත වන බව පවසා සිටියේය.
 
Rate this item
(0 votes)