May 04, 2024

නිළ වාර්තාව ඉදිරිපත් කළ වරදට බ්‍රිතාන්‍ය ජාතික මාධ්‍යවේදියා බංග්ලාදේශ අධිකරණයට

December 02, 2014
බංග්ලාදේශයේ නිදහස් සටනේදී මිය ගිය සංඛ්‍යාව දැක්වෙන නිළ වාර්තාව අභියෝගයට ලක් කළ බ්‍රිතාන්‍ය ජාතික මාධ්‍යවේදියා බංග්ලාදේශ අධිකරණයක දී වැරදි කරු වී ඇත. 
ඩේවිඩ් බර්ග්මාන් නමැති මෙම මාධ්‍යවේදියා වසර 2011 දී බ්ලොග් අඩවියක පළ කර ඇති ලිපියකින් හිතා මතාම ඉතිහාසය විකෘති කර ඇති බව විනිශ්චයකාරවරු ප්‍රකාශ කරයි.
ඒ අනුව ඉහත කී මාධ්‍යවේදියා වරදකරු කර ඇත්තේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේයි.
 
ඩොලර් 65 ක දඩයක් ගෙවීමට අධිකරණය නියම කර ඇති අතර එය ගෙවීමට අපොහොසත් වුවහොත් මෙම මාධ්‍යවේදියාට දින හතක සිර දඬුවමක් නියම වෙයි.
වසර 1971 දී පකිස්තානයට එරෙහිව සිදු වූ බංග්ලාදේශ නිදහස් සටනේදී තිස් ලක්ෂයක් දෙනා මිය ගිය බව බංග්ලාදේශ බලධාරීන් පවසන නමුත් එය සනාථ කිරීමට සාක්ෂි නොමැති බව ඉහත කී මාධ්‍යවේදියා ලියා තිබුණි.
Rate this item
(0 votes)