May 03, 2024

ඉබෝලා වෛරසය තවම නිදැල්ලේ

December 02, 2014
ලෝකය පුරා ඉබෝලා වෛරසය පැතිරීමේ දැවැන්ත අවදානම තවම සම්පූර්ණයෙන් පහව ගොස් නැති බව බටහිර අප්‍රිකානු කලාපයේ ඉබෝලා පිටුදැකීම වෙනුවෙන් වූ එක්සත් ජාතීන්ගේ කණ්ඩායමේ ප්‍රධානියා ප්‍රකාශ කරයි.
 
ටෝනි බැන්බරි නම් වූ ඔහු පවසා සිටින්නේ ඉබෝලා වැළඳුණු සියලු දෙනා වෙනුවෙන් නිසි ප්‍රතිකාර ලබාදීම හා ඉබෝලා හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූවන් ආරක්ෂිතව භූමදාන කිරීම ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කයන් බවයි.
 
එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා මෙම අදහස් පළ කළේ ඉබෝලා දැඩිව බලපවත්වන ෆ්‍රීටවුන් නගරයේ සිටය.
 
Rate this item
(0 votes)