May 03, 2024

චීනයේ අත්හැර ගිය රසායනික අවි විනාශ කරයි

December 01, 2014
දෙවන ලෝක සංග්‍රාමය අවසානයේ චීනයේ අත්හැර දමා ගිය ජපාන රසායනික අවි විනාශ කර දැමීමේ කටයුතු චීනය හා ජපානය එක් වී ආරම්භ කිරීමට නියමිතයි.
රසායනික අවි ලක්ෂ ගණනක් උතුරු දිග චීනයේ ජිලින් ප්‍රාන්තයේදී පුළුස්සා දැමීමට හෝ පුපුරවා හැරීමට නියමිතව තිබේ.
 
යුද්ධය හදිසියේ අවසන් වීමත් සමග චීනයේ රැඳී සිටි ජපාන සොල්දාදුවෝ ඉහත කී රසායනික අවි ගංගා තුළ සැඟවූ අතර ඇතැම් අවි තොග බිම වළලා දැමීමට කටයුතු කළහ.
එමගින් පරිසර හානි සිදු වූ අතර තවදුරටත් වන හානි වළක්වා ගැනීම සඳහා චීනය වෙත ආධාර ලබා දීමට ජපානය එකඟ වී තිබේ.
Rate this item
(0 votes)