May 03, 2024

මහා සත්ව බිලි පූජාවකට සැරසේන නේපාලය

November 29, 2014
නේපාලයේ හින්දු ආගමික උත්සවයක් වෙනුවෙන් එළුවන්, ගවයන් ඇතුළු සතුන් දස දහස් ගණනක් මරා දැමෙන මහා සත්ව බිලි පූජාවක් ආරම්භ වී ඇති බව බී.බී.සී.ය පවසයි.
වසර 5කට වරක් පැවැත්වෙන ගඩීමායි නමින් හැඳින්වෙන ආගමික උත්සවය වෙනුවෙන් මෙම බිලි පූජාව පැවැත්වෙන බව කියයි.
බී.බී.සී.ය පෙන්වා දෙන පරිදි සත්ව බිලි පූජාවන්ට එරෙහි ක්‍රියාධරයන් කියා සිටින්නේ මෙය ඉතා කුරිරු හා අමානුෂික ක්‍රියාවක් බවයි.
 
මෙවැනි බිලිපූජාවකින් සිදුවන්නේ ලේ විලක් ඇති වීමක් බවත්, එය ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍යයටද බලවත් තර්ජනයක් බවත් එම ක්‍රියාධරයන් අවධාරණය කරයි
මේ අතර, මෙම බිලි පූජාවේදී බිලි දෙන සතුන් ගේ ප්‍රමාණය අඩු කිරීම සඳහා මෙවර ඉන්දියාවෙන් සතුන් ප්‍රවාහනය කිරීම තහනම් කර තිබුණු බවද පැවසෙයි.
 
නොසන්සුන්තාවක් ඇති වුවහොත් තත්ත්වය පාලනය කිරීම සඳහා ප්‍රදේශය පුරා පොලිස් භටයන් විශාල පිරිසක් යොදවා ඇති අතර බිලි පූජාව ඡායාරූප ගත කිරීමට අවසර ලබා නොදෙන බවද කියැවෙයි.
 
Rate this item
(0 votes)
Last modified on Monday, 01 December 2014 16:47