May 03, 2024

පවුලට සලකන කිම් ජොන්ග්

November 28, 2014
උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් සිය බාල සොහොයුරියට තම පක්ෂයේ ඉහළ ධුරයක් පිරිනමා ඇත.
 
 කිම් යෝ-ජොන්ග් නමැති ඇය උතුරු කොරියානු KCNA පක්ෂ මධ්‍යම කමිටුවේ උප-අධ්‍යක්ෂවරයෙකු ලෙස පත්කොට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.
කිම් ජොන්ග්-උන්, කිම් පවුලේ තුන්වැනි පරම්පරාව නියෝජනය කරන නායකයා ලෙස මේ වනවිට උතුරු කොරියාව පාලනය කරන අතර, ඔහු ආසියානු කලාපයේ ඒකාධිපති පාලකයෙකු ලෙස මේ වනවිටත් නම් දරා සිටියි.
 
 ඔහුගේ නැන්දා ද එරට පාලක පක්ෂයේ ඉහළ තනතුරක් දරන අයෙකි.  කෙසේ වෙතත්, කිම් ජොන්ග්-උන් තම බලය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් මීට මාස කිහිපයකට පෙර පාලක පක්ෂයේ ඉහළ ධුරයක් හෙබවූ ඔහුගේ මාමා මරා දැමුවේ, රජය පෙරළීමට කුමන්ත්‍රණයක් කරන බව පවසමිනි.
 
Rate this item
(0 votes)
Last modified on Monday, 01 December 2014 16:50